රාජ්‍ය භාෂා අනිවාර්ය විෂයන් ලෙස නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ඇතුළත් කළ යුතුයැයි රාජ්‍ය භාෂා කොමිෂන් සභාව රජයට යෝජනා කර ඇත.
ඒ අනුව විෂයමාලා වල රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය එහි භාවිතය සහ වැදගත්කම පිළිබිඹු වන පාඩම විවිධ ශ්‍රේණිවලට ගැළපෙන ලෙස ඇතුළත් කිරීමට එම කොමිෂන් සභාව යෝජනා කර ඇත.
තව ද හය ශ්‍රේණිය සිට එකොළොස්වන ශ්‍රේණිය දක්වා දෙවන බස සිංහල සහ දෙවන බස දෙමළ භාෂා අනිවාර්ය කිරීමට ද යෝජනා කර තිබේ. හෝඩිය පන්තියේ සිට පාසල් දිවිය අවසන් කරන තෙක්ම ලිඛිත මෙන්ම කථනය ප්‍රමුඛ කරගත් භාෂා දැනුමක් ලබා දීමට අවශ්‍ය යාන්ත්‍රණයක් සහ ද්විභාෂික පරිසරයක් පාසල තුළ ඇති කිරීම අවශ්‍යයයැයි එම කොමිසම පෙන්වා දෙයි.
රාජ්‍ය භාෂා කොමිෂන් සභාව රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් රජයට ඉදිරිපත් කරන යෝජනා මාලාවේ ප්‍රධාන කරුණක් ලෙස මෙය අවධාරණය කර ඇත. මේ සම්බන්ධයෙන් වන යෝජනා ජනාධිපතිවරයාට සහ අධ්‍යාපන අමාත්‍යවරියට බාරදීමට නියමිතව ඇත.
මේ අතර රාජ්‍ය ආයතන වල විගණන වාර්තාවට රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ද නිරීක්ෂණ ඇතුළත් කළ යුතුයැයි රාජ්‍ය භාෂා කොමිෂන් සභාව රජයට යෝජනා කර ඇත.
රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියට අදාළ සංයුක්ත චක්‍රලේඛයක් මඟින් මෙම තීන්දුව ගැනීමට නියමිතය.
එහිදී අදාළ චක්‍රලේඛය රාජ්‍ය භාෂා කොමිසම මගින් සකස්කොට කැබිනට් අනුමැතිය සහිතව සියලු රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන වලට නිකුත් කිරීමට එම කොමිසම යෝජනාකර ඇත. ඒ අනුව අදාළ චක්‍රලේඛයමත පිහිටා රාජ්‍ය අයතනවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ජාතික විගණන දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන වාර්ෂික විගණනවලට ඇතුළත් කිරීමට නියමිතය.
රාජ්‍ය භාෂා කොමිෂන් සභාව රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් රජයට ඉදිරිපත් කරන යෝජනා මාලාවේ ප්‍රධාන කරුණක් ලෙස මෙය අවධාරණය කර ඇත.











