
ඉරාන නාවික නෞකාවක් වන IRIS Bushehr හි නාවිකයින් 204 දෙනෙකු කොළඹ වරායට ගෙනැවිත් ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා පැවසුවේය.
ඔහු පැවසුවේ නෞකාවේ ඉතිරි නැවියන් ද කොළඹට ප්‍රවාහනය කරමින් සිටින බවත්, එම ක්‍රියාවලිය මේ වන විට සිදුවෙමින් පවතින බවත්ය.
IRINS Bushehr නෞකාව අද ත්‍රිකුණාමලය වරායට රැගෙන යාමට නියමිත බව ද ඔහු පැවසුවේය.
SLNS Sagara (P622) සහ SLNS Gajabahu (P626) සහ ටග් යාත්‍රා කිහිපයක් ඉරාන නාවිකයින් 208 දෙනෙකු නෞකාවෙන් ඉවත් කර ගත්තේය.
IRIS Bushehr (422) හි සංයුතිය පහත පරිදි වේ
- නිලධාරීන් 53
- කැඩෙට් නිලධාරීන් 84
- ජ්‍යෙෂ්ඨ නාවිකයින් 48
- නැවියන් 21
මෙම නෞකාව මීට පෙර ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අවසර ඉල්ලා සිටි අතර, මානුෂීය ප්‍රතිපත්තියක් මත පදනම්ව රජය ඇතුළුවීමට අවසර දීමට තීරණය කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (05) රාත්‍රියේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේ දී පැවසුවේය.













