ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා තමන් එරට විදේශ අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් විදේශ අමාත්‍යවරයා පැවසුවේ මෙම සාකච්ඡාවේදී ඊශ්‍රායලයේ රැකියා කරන 29,000කට අධික ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව පිළිබඳ සහතිකයක් ලැබුණු බවයි.
රාජ්‍ය තාන්ත්‍රික මාර්ග ඔස්සේ කලාපීය සාමය ඇති කිරීමේ හදිසි අවශ්‍යතාවය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කළ බවත් විදේශ අමාත්‍යවරයාගේ ‘X’සටහනේ සඳහන් වේ.













