මුහුදේ ගසා ගෙන ගිය බ්‍රිතාන්‍ය ජාතිකයාට පොලිස් ජීවිතාරක්ෂක ඒකකය දිවි දෙයි

කොටවිල පොලිස් වසමේ මිරිස්ස වෙරළ තීරයේ දිය නෑමට ගිය විදෙස් ජාතිකයෙකු ඊයේ (11) දහවල් කාලයේ දිය වැළකට හසුව මුහුදට ගසාගෙන ගොස් ඇත. එම අවස්ථාවේ වෙරළ තීරයේ ජීවිතාරක්ෂක රාජකාරී යෙදී සිටි කොටවිල පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත උප පොලිස් පරීක්ෂක මෙන්ඩිස්, පොලිස් සැරයන් 59416 අජන්ත, පොලිස් කොස්තාපල් 96986 දිසානායක, පොලිස් කොස්තාපල් 105268 කහවත්ත යන නිලධාරීන් විසින් එම විදේශ ජාතිකයා බේරාගෙන ඇත. අනතුරට පත් පුද්ගලයා වයස අවුරුදු 65 ක් වන එංගලන්ත ජාතිකයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website