පොලිස් ජීවිතාරක්ෂකයින් මුහුදට ගසා ගෙන යමින් සිටි විදෙස් යුවලක් බේරා ගනියි

හික්කඩුව නාරිගම වෙරළ තීරයේ  (27 දා) දිය නාමින් සිටි විදෙස් ජාතික යුවලක් දිය වැලකට හසුව ගසා ගෙන යමින් සිටියදී ජිවිතාරක්ෂක පොලිස් මුරපොලේ රාජකාරි නිරතව සිටි පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් එම යුවල නිරුපද්‍රිතව බේරා ගන්නා ලදී.

දිය අනතුරට පත්වූ විදේශීය යුවල වයස අවුරුදු 23ක් හා 20ක් වන බෙලරූස් ජාතියන් වන අතර පොලිස් සැරයන් 68936 එ්කනායක, පොලිස් කොස්තාපල් 83255 මිහිදු, පොලිස් කොස්තාපල් 27794 බණ්ඩාර, පොලිස් කොස්තාපල් 102748 දිසානායක යන නිලධාරීන් විසින් අනතුරට පත්වූ දෙදෙනා බේරා ගැනීමට මූලිකත්වය ගෙන කටයුතු කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website