විපක්ෂ නායකතුමාගේ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු පණිවිඩය

ආර්ථික,සමාජීය අභියෝග හමුවේ වුව ද ශ්‍රී ලාංකේය සභ්‍යත්වයේත්, සංස්කෘතියේත් හර පද්ධති රැක ගනිමින්, ඒවා ඉදිරියට ගෙනයමින් තම පවුලේ දූදරුවන් හා ඥාති හිතවතුන් සමඟ සමරන සිංහල දමිළ අලුත් අවුරුද්ද සුබවාදී අනාගතයකට හේතුවේවායි මා ප්‍රර්ථනා කරමි.

එමෙන්ම මෙරට ජීවත් නොවූවත් එතෙර රැඳෙමින් සැමවිටම මාතෘභූමියේ ජයග්‍රහණය පතන, ජාතික සංස්කෘතික අනන්‍යතාව ආරක්ෂා කරන, සිංහල හා දමිළ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ටද මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද ජයග්‍රහණ උදාවන සුබ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website