මෙරට හෙද සේවාව උපාධි මට්ටමට උසස් කිරිමේ අරමුණින් ජාතික හෙද විශ්වවිද්‍යාලයක් පිහිටුවීමේ රජයේ ප්‍රතිපත්ති යෝජනා යටතේ පිහිටුවන ලද විශේෂ කමිටුවේ තත්ත්ව සමාලෝචනය සඳහා වූ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අද (23) දින අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත් වුණේය.
කමිටුවේ මෙතෙක් ක්‍රියාවලිය පිළිබඳව සහ කමිටු සාමාජිකයන් මුහුණදෙන ගැටලු සහ අභියෝග පිළිබඳවත් මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ නව අදහස් සහ යෝජනා පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට ලක්විය.














