කුණ්ඩසාලේ පොලිස් රෝහලෙන් සති දෙකක් මුළුල්ලේ වෛද්‍ය කඳවුරු 21ක්

ශ්‍රී ලංකා පොලිසිය පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාසය යටතේ කුණ්ඩසාලය ප්‍රදේශයේ පවත්වාගෙන යන පොලිස් රෝහලට අනුයුක්ත පොලිස් නිලධරයන් හා වෛද්‍ය නිලධාරීන් විසින්,  “දිට්වා” සුලි කුනාටුවෙන් විපතට පත්ව සිටින මහජනතාව වෙනුවෙන් සති දෙකක කාලයක් පුරා වෛද්‍ය කඳවුරු 21 ක් පවත්වන ලදී.

එමගින් පොලිස් වසම් 09ක් ආවරණය වන පරිදි රෝගීන් 2554 ක් පරීක්ෂා කර සුවසෙත සැලසීමට හැකි වී ඇති අතර පළමු වෛද්‍ය කඳවුර ලෙස 2025.12.03 වන දින මහනුවර මූලස්ථාන පොලිසියේදී රෝගීන් 678 දෙනෙකු සඳහා වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබා දීමට හැකිවී තිබේ.

පසු දින 13 තුළදී මාතලේ,ගම්පොල,උඩුදුම්බර,හසලක,යටියන්තොට,ගලහා,රාගල යන පොලිස් ස්ථාන කේන්ද්‍ර කරගනිමින් වෛද්‍ය කඳවුරු පවත්වා ඇති අතර 2025.12.16 වන දින අවසන් කඳවුර ලෙස උඩුපුස්සැල්ලෑව පොලිස් ස්ථානයේ වෛද්‍ය කඳවුර පවත්වා මෙහෙවර සාර්ථකව අවසන් කර ඇත.

දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති මගින් ඖෂධ සහ රෙදි විශාල ප්‍රමාණයක් පරිත්‍යාග වශයෙන් ලැබීම  මෙම කර්තව්‍යය ද අතිශයින්ම සාර්ථක කරගැනීමට ඉවහල් වී ඇත.

තව ද, කුණ්ඩසාලය පොලිස් රෝහලෙන් රෝහලෙන් ස්ථානමාරුවිම් ලැබ පිටව ගිය වෛද්‍ය ගැමුණු විජේසුන්දර මහතා සියලුම අවතැන් කඳවුරුවලට සහභාගී වෙමින් දැක්වූ සහය කුණ්ඩසාලය පොලිස් රෝහල ගෞරවයෙන් සිහිපත් කරයි.

සුළි කුණාටුවෙන් පසු එක් වෛද්‍ය කණ්ඩායමක් විසින් පරික්ෂාවට ලක්කළ වැඩිම රෝගීන් සංඛ්‍යාව මෙය විය හැකි බවට උපකල්පනය කෙරේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website