War 2 සිනමා පටය, දින 2ක් තුළ කෝටි 107ක් උපයයි

රිතික් රෝෂන් ප්රධාන චරිතය රඟන ‘ War 2’ සිනමා පටය ඊයේ දින (14 ) සිට ඉන්දියාව පුරා තිරගත වීම ආරම්භකර ඇත.
අද වන විට එහි ආදායම රුපියල් කෝටි 107කට වඩා ඉහළින් තිබිණ.
මෙහි රිතික් සමඟ සහය වීර චරිතය ප්රසිද්ධ තෙලිඟු තරුවක වන ජූනියර් එන්. ටී. ආර්. විසින් අපූරුවට රඟන අතර, සුරූපි තරුව කියාරා අද්වානි, ප්රවීණ නළු අනිල් කපූර් සහ ආශුතෝෂ් රානා සෙසු රංගනයෙන් දායක වෙති.
බොලිවුඩයේ ග්රීක රජු ලෙස හඳුන්වන රිතික් මෙම සිනමා පටය තුළ සිය කඩවසම් පිරිමි
රූපකාය මොනවට පිළිමිඹු කරන වගත්, ජූනියර් එන්. ටී. ආර් ද සිය රංග ප්රතිභාව කදිමට චිත්රපටය පුරා පතුරවා ඇති බවත් ඉන්දියානු සිනමා විචාරකයන් පවසති.


දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website