Tri-Nation T20: පාකිස්ථානය හමුවේ තියුණු ජයග්‍රහණයක් – ශ්‍රී ලංකාව අවසන් සටනට

සත්කාරක පාකිස්තාන කණ්ඩායම පරාජය කර තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගයේ අද (27) පැවති තීරණාත්මක තරයෙන් ලකුණු 6ක තියුණු ජයක් ලැබීමත් සම තරාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ද ශ්‍රී ලංකාවට හැකිවිය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුළු 5ක් දැවී ලකුණු 184ක් රැස්කිරීමට සමත් විය.

රාවල්පින්ඩිහිදි පැවැති මෙම තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 185ක ඉලක්කයට පිළිතුරු ලෙස පාකිස්තානයට කඩුළු 7ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 178ක් පමණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ දුෂ්මන්ත චමීර ලකුණු 20කට කඩුළු 4ක් දවාගත්තේය.

සිම්බාබ්වේ කණ්ඩායමේද සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරඟාවලියේ අවසන් මහා තරඟායේ බලාපොරොත්තු රඳවා ගැනීමට ශ්‍රී ලංකාවට මෙම තරඟයේ ජය තීරණාත්මක වී තිබුණි.

අවසන් මහා තරඟය 29 වැනිදා පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website