ඩුබායි ගුවන් කලාපය අර්ධ වශයෙන් නැවත විවෘත කිරීමෙන් පසු මැදපෙරදිගට මෙහෙයුම් නැවත ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කරයි.
ඒ අනුව, කොළඹ සිට ඩුබායි දක්වා UL231 සහ ඩුබායි සිට කොළඹ දක්වා UL232 ගුවන් ගමන් අද (04) ක්‍රියාත්මක වන අතර ගුවන් සේවා ක්‍රමයෙන් නැවත ආරම්භ වන විට මගීන්ගේ ආරක්ෂාව ප්‍රමුඛතාවය දෙන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය අවධාරණය කළේය.











