ශ්‍රී ලංකන් ගුවන් සේවය කොළඹ සහ මැදපෙරදිග ප්‍රධාන ගමනාන්ත අතර ගුවන් ගමන් කිහිපයක් අවලංගු කරන බව නිවේදනය කර ඇත.
කොළඹ සහ ඩුබායි අතර ක්‍රියාත්මක වන UL231 සහ UL232 ගුවන් ගමන් මාර්තු 15 වන දින දක්වා අවලංගු කෙරේ. ඊට අමතරව, ගුවන් සේවය මාර්තු 20 වන දින දක්වා පහත සේවාවන් අවලංගු කර ඇත.
- UL225 Colombo – Dubai
- UL217 Colombo – Doha
- UL253 Colombo – Dammam
- UL229 Colombo – Kuwait
- UL226 Dubai – Colombo
- UL218 Doha – Colombo
- UL254 Dammam – Colombo
- UL230 Kuwait – Colombo
කාලීන යාවත්කාලීන කිරීම් ලබා ගැනීම සඳහා www.srilankan.com හි ශ්‍රීලංකන් ගුවන් සේවයේ වෙබ් අඩවිය හරහා තම ගුවන් ගමන් වල තත්ත්වය නිතිපතා පරීක්ෂා කර බලන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවය මගීන්ට උපදෙස් දෙයි.
එසේම සහාය අවශ්‍ය මගීන් ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගෝලීය සම්බන්ධතා මධ්‍යස්ථානය 1979 (ශ්‍රී ලංකාව තුළ) හෝ +94 11 777 1979 (ජාත්‍යන්තර) අමතා, ළඟම ඇති ශ්‍රීලංකන් ගුවන් සේවයේ කාර්යාලයට පැමිණ හෝ ටිකට්පත මිලදී ගත් සංචාරක නියෝජිතයා සමඟ සම්බන්ධ වී කටයුතු කරන ලෙස ද ශ්‍රී ලංකන් වැඩි දුරටත් ඉල්ලා සිටී.












