QR කේත පාදක ක්‍රමය යටතේ මහජනතාවට නිකුත් කරන සතිපතා ඉන්ධන කෝටාව සෑම සතියකම සෙනසුරාදා මධ්‍යම රාත්‍රී 12 දක්වා වලංගු වන අතර සෑම ඉරිදාවකම එය යාවත්කාලීන කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පැවසුවේය.
ඔහු කියා සිටියේ QR කේත පාදක ඉන්ධන කෝටා ක්‍රමය මඟින් රටේ ඉන්ධන පරිභෝජනය 20%කින් අඩු කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් රටේ දෛනික ඩීසල් පරිභෝජනය දැනට මෙට්‍රික් ටොන් 4,800ක් සහ පෙට්‍රල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 4,045ක් වන බවයි.
ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝලිම් ඉවත් කිරීම සඳහා QR කේත පාදක ඉන්ධන කෝටා ක්‍රමය කඩිනමින් ක්‍රියාත්මක කළ බවත්, ලබන මාසය (අප්‍රේල්) වන තෙක් ප්‍රමාණවත් ඉන්ධන තොග සංස්ථාව සතුව පවතින බවත් ඔහු ප්‍රකාශ කළේය.












