
කෘෂිකාර්මික කටයුතු සඳහා ඉන්ධන සැපයීම බාධාවකින් තොරව සිදු කරන බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා පවසයි.
රණතුංග මහතා පැවසුවේ අස්වනු නෙළීමේ කටයුතු සඳහා අක්කරයකට ලීටර් 15ක් සහ සීසෑමේ කටයුතු සඳහා ලීටර් 20ක් ලබාදීමටත් තීරණය කර ඇති බවයි.
ගොවීන්ට මෙම ඉන්ධන සැපයුම් ලබා ගැනීම සඳහා QR පද්ධතිය අවශ්‍ය නොවන බව කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කළේය.











