පසුගිය සතියේ රාස් ලෆාන් නිෂ්පාදන මධ්‍යස්ථානයට එල්ල වූ මිසයිල ප්‍රහාරවලින් පසුව Qatar Energy සමාගම ඉතාලිය, බෙල්ජියම, දකුණු කොරියාව සහ චීනය සමඟ ද්‍රව ස්වභාවික ගෑස් /LNG ගිවිසුම් සඳහා force majeure නම් සීමා පැනවීමක් ප්‍රකාශයට පත් කර තිබේ.
force majeure මඟින් Qatar Energy සමාගමට තම පාලනයෙන් ඔබ්බට ගිය තත්වයන් හේතුවෙන් බලපෑමට ලක් වූ රටවලට LNG ලබා දීම සඳහා වන ගිවිසුම්ගත බැඳීම් තාවකාලිකව අත්හිටුවීමට ඉඩ සලසයි.
තම මෙහෙයුම් වලට එල්ල කරන ලද ප්‍රහාරවල සම්පූර්ණ බලපෑම තක්සේරු කිරීම දිගටම කරගෙන යන බව ද Qatar Energy පවසයි.
Qatar Energy විසින් ගත් මෙම තීන්දුව ගෝලීය ශක්ති වෙළඳපොළටද බලපෑම් එල්ල කළ හැකි බව විශ්ලේෂකයින් පෙන්වා දෙයි.
යුද්ධ, වසංගත හෝ ස්වාභාවික විපත් වැනි අසාමාන්‍ය, පාලනය කළ නොහැකි සිදුවීම් ඇති වූ විට ගිවිසුම්ගත වගකීම් ඉටු කිරීමෙන් වළක්වන විට, පාර්ශවයන් වගකීමෙන් නිදහස් කරන ගිවිසුම්ගත වගන්තියක් වන්නේ force majeure ය.”උසස් බලය” ලෙස පරිවර්තනය කර ඇති එය, බොහෝ විට “දෙවියන්ගේ ක්‍රියා” ලෙස හඳුන්වනු ලබන අනපේක්ෂිත, නොවැළැක්විය හැකි බාධාවන්ගේ ප්‍රතිවිපාකවලින් පාර්ශ්වයන් ආරක්ෂා කරයි















