Photo Story: මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 191.673ක ප්‍රමාණයක් හා මත්පෙති 3482ක් දවා විනාශ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් සිදුකළ වැටලීම් මගින් අත්අඩංගුවට ගෙන නඩු කටයුතු අවසන් කළ හෙරොයින් කිලෝග්‍රෑම් 40.539ක්, කැතීන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 132.79 ක්, කොකේන් ග්‍රෑම් 55ක් හා මත්පෙති 3482ක් දවා විනාශ කිරීම සඳහා ඊයේ (13) දින උදෑසන කොළඹ මහාධිකරණයේ සිට පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශය දක්වා ප්‍රවාහනය කරන ලදී.

මෙම තොගයට අමතරව බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග නඩු විභාග වී අවසන් වූ හෙරොයින් කිලෝග්‍රෑම් 19 ක්, රස පරීත්ෂක කාර්යාලයේ තිබෙන නඩු කටයුතු 1500 කට ආසන්න ප්‍රමාණයක සියළුම නඩු භාණ්ඩද මෙදින විනාශ කිරීමට නියමිතය.

පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ ආරක්ෂාව යටතේ උදෑසන 09.00 පමණ වන විට වනාතවිල්ලුව ප්‍රදේශයේ ලැක්ටොවත්ත ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති දහන උඳුන වෙත ප්‍රවාහනය කළ මෙම තොගය දවා විනාශ කිරීම අධීක්ෂණය සඳහා මහේස්ත්‍රාත්වරුන්, රස පරීක්ෂක කාර්යාලයේ නිලධාරීන්, අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ නිලධාරීන්, ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website