මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා ප්‍රමාණවත් ඉන්ධන කෝටාවක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටී.
සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් එම සංගමය සඳහන් කළේ ක්ෂේත්‍ර රාජකාරි තිබියදීත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා විශේෂ ඉන්ධන කෝටාවක් වෙන් කර නොමැති බවයි.
QR පද්ධතිය යටතේ ඉන්ධන ලබා ගැනීමේ ප්‍රමාදයන් රෝග පාලනය, පරීක්ෂණ සහ පාසල් සෞඛ්‍ය සේවාවන්ට බාධා කිරීමේ අවදානමක් ඇති බව ද සංගමය සිය ලිපියේ සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය කඩිනම් අවධානය යොමු නොරන්නේ ඉදිරියේ දී වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමට තම සංගමය පසුබට නොවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වැඩි දුරටත් සිය ලිපියේ සඳහන් කර ඇත.












