ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය – 2026 ජනවාරි: නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්

2026 ජනවාරි මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.

නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2026 ජනවාරි මාසයේ දී දර්ශකාංක 56.1ක අගයක් වාර්තා කළේය. 2025 දෙසැම්බර් මාසයේ උත්සව සමය හේතුවෙන් වාර්තා වූ ඉහළ අගයට සාපේක්ෂව මන්දගාමී වේගයකින් වුවද, නිෂ්පාදන කටයුතු මාසික පදනමින් වර්ධනය වී ඇති බව මෙමගින් පිළිබිඹු වේ. සියලුම උප දර්ශක මාසය තුළ දී කඩයිම් මට්ටමට ඉහළින් පැවතුණි.  

සේවා අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, පෙර මාසයට සාපේක්ෂව සේවා ක්‍රියාකාරකම්වල මන්දගාමී වර්ධනයක් පෙන්නුම් කරමින්, 2026 ජනවාරි මාසයේ දී දර්ශකාංක 64.5ක අගයක් වාර්තා කළේය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website