ආපදාවෙන් පසු පාසල් පද්ධතිය වඩා හොඳින් ගොඩනගන්නේ කෙසේ ද ?: අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වතුන් පවසන්නේ කුමක් ද ?

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සෑම සති අන්තයකම Zoom තාක්ෂණය ඔස්සේ පවත්වනු ලබන කතිකාව සංවාද මාලාවේ 254 වැනි කතිකාව පසුගිය ඉරිදා ‘ආපදාවෙන් පසු පාසල් පද්ධතිය වඩා හොඳින් ගොඩනගන්නේ කෙසේ ද ?’ යන තේමාව යටතේ පවත්වනු ලැබුවේය. මෙවර කතිකාවේ සම්පත්දායකයින් ලෙසආර්.එම්.පී. රත්නායක මහතා, ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ හිටපු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ආර්.එම්.පී. රත්නායක මහතා සහහිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සිරිමෙවන් පොඩි නිලමේ මහතා සම්පත්දායකයින් ලෙස සහභාගී වූ අතර මෙවර කතිකාව මෙහෙයවීම ආචාර්ය සුජාතා ගමගේ මහත්මිය විසින් සිදු කළාය. එම කතිකාව සංවාදය ඇසුරින් මෙම ලිපිය සම්පාදනය කර ඇත.

රත්නපුරය සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක දෙක එකතු වීමෙන් සබරගමු පළාත නිර්මාණය වේ. ආපදා සම්බන්ධයෙන් ගත්විට සබරගමුව පළාත සුවිශේෂ වේ. රත්නපුරය දිස්ත්‍රික්කයේ නිරිතදිග බෑවුම නිරිතදිග මෝසම් වර්ෂාවට නිරාවරණය වීමෙන් ගංවතුර, නායයෑම් ඇතුළු ස්වභාවික ආපදාවන්ට ලක්වන විට ඊසානදිග මෝසම් සමයේ කෑගල්ල දිස්ත්‍රික්කය ස්වභාවික ආපදාවන්ට නිරාවරණය වේ. මේ පසුබිම තුළ විශේෂයෙන් ගංවතුර සම්බන්ධයෙන් රත්නපුර දිස්ත්‍රික්කයත්, නායයෑම් සම්බන්ධයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයත් ප්‍රසිද්ධියක් උසුළයි.

රත්නපුරය සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක දෙක එකතු වීමෙන් සබරගමු පළාත නිර්මාණය වේ. ආපදා සම්බන්ධයෙන් ගත්විට සබරගමුව පළාත සුවිශේෂ වේ. රත්නපුරය දිස්ත්‍රික්කයේ නිරිතදිග බෑවුම නිරිතදිග මෝසම් වර්ෂාවට නිරාවරණය වීමෙන් ගංවතුර, නායයෑම් ඇතුළු ස්වභාවික ආපදාවන්ට ලක්වන විට ඊසානදිග මෝසම් සමයේ කෑගල්ල දිස්ත්‍රික්කය ස්වභාවික ආපදාවන්ට නිරාවරණය වේ. මේ පසුබිම තුළ විශේෂයෙන් ගංවතුර සම්බන්ධයෙන් රත්නපුර දිස්ත්‍රික්කයත්, නායයෑම් සම්බන්ධයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයත් ප්‍රසිද්ධියක් උසුළයි.
  • අධ්‍යාපනයට කළමනාකරණ සැලසුමක්
මේ තත්ත්වය හමුවේ මීට වසර හතකට පමණ පෙර සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව අධ්‍යාපනයට අදාළව ආපදා කළමනාකරණ සැලැස්මක් නිර්මාණය කර ඇත. එනිසා පාසල් සහ පාසල් ආශ්‍රිත ප්‍රජාව, දරුවෝ, ගුරුභවතුන්, දෙමාපියන් සහ අධ්‍යාපනයට ඍජුව සහ වක්‍රව සම්බන්ධ වන අයට ආපදාවකලදී කටයුතු කළයුතු ආකාරය සමබන්ධයෙන් ප්‍රමිති සහ මග පෙන්වීම් මාලාවක් සකස් කර ඇත. එය සබරගමුව පළාත තුළ ක්‍රියාත්මක වන සුවිශේෂී වැඩසටහනක් ලෙස සැලකිය හැකිය. එය ලිඛිත සහ ක්‍රියාත්මක තලයේ පවතින වැඩසටහනක් ද වීම ‌මෙහි ඇති විශේෂත්වයයි. ප්‍රාදේශීය මට්ටමින් ආපදාවන්ට ලක්වීමේ වෙනස්කම් සහ සුවිශේෂීතා පවතින හෙයින් ප්‍රාදේශීය මට්ටමේ ආපදා කළමනාකරණ සැලසුම් සහ ව්‍යුහයන් ගොඩනගා ගැනීමට අවධානය යොමු කිරීම වඩාත් සුදුසුය. ඊට හේතුව වන්නේ ආපදාවකදී වඩාත් කුඩා ඒකක වෙත ඍජුව ප්‍රවේශ වීම පහසු අතර ක්‍රියාමාර්ග ගැනීම ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනීමේ සැලසුමක් පැවතීම ද ඉතාම වැදගත් වේ. සබරගමුව පළාතේ පාසල් ක්ෂේත්‍රයේ ආපදා කළමනාකරණ සැලැස්ම ක්‍රියාත්මක වන අවස්ථා දෙකකි.  සබරගමුව පළාත නිරිතදිග මෝසම් වර්ෂාවෙන් සහ ඊසානදිග මෝසම් වර්ෂාවෙන් පීඩාවට පත්වන හෙයින් ආපදා කළමනාකරණ සැලසුම හරහා පාසල් ගොඩනැගිලි, දේපොළ සහ ජීවිත වලට හේතු විය හැකි පාසල් භූමියේ ඇති ගස් හඳුනා ගන්නා ගත්තේය.  මේ හරහා අනතුරක් ඇති කළ පැරණි හෝ අනතුරුදායක ගස් ඉවත් කිරීම හෝ ඒවායෙහි අතු ඉවත් කිරීම සිදුවිය. වර්තමානය වන විට ද මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන අතර එය ආදාළ ආයතන සම්බන්ධීකරණයෙන් සිදුවේ. ඒ අනුව පාසල් භූමිය තුළ පවතින අනතුරුදායක ගස් ඉවත් කිරීම දිගු කාලීනව සිදුව තිබේ. නමුත් මෙහි දී ද අනපේක්ෂිත ගැටලු මතුවේ. උදාහරණයක් ලෙස මීට වසරකට පමණ පෙර බලංගොඩ ප්‍රදේශයයේ පාසලක බෝ ගසක අත්තක් කඩා වැටීමෙන් දරුවෙකුට ජීවිතය අහිමි විය. මෙහිදී සිදු වූයේ අදාළ බෝ ගස ඉවත් කිරීමට බලවත් විරෝධයක් එල්ල වීමය. මෙවැනි ආපදා කළමනාකරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ දී සමාජයෙන් මේ ආකාරයේ විරෝධතා හෝ බලපෑම් එල්ල වීම සාමාන්‍ය තත්ත්වයකි. “නමුත් අපි බොහෝ පැරණි නුග ගස් ඉවත් කළා. මිනිස්සු ඒවට අත තියන්නවත් කැමැති වුණේ නැහැ.  නමුත් අපි එවැනි ගස් විශාල ප්‍රමාණයක් ඉවත් කළා” සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සිය පාසල් අපාදා කළමනාකරණ සැලසුම ක්‍රියාත්මක කළ ආකාරය සහ එය ක්‍රියාත්මක කිරීමේ දී මුහුණ දුන් අභියෝග සම්බන්ධයෙන් පැහැදිලි කරමින් රත්නායක මහතා පැවසුවේය.
  • ප්‍රගතිය කුමක් ද ?
මෙම ආපදා කළමනාකරණ සැලසුම හේතුවෙන් 2023-24 වර්ෂවල සබරගමුව පළාතට ලැබුණ ගොඩනැගිලි අරමුදල් 100%ක්ම අලුත් ගොඩනැගිලි ඉදිකිරීමට නොව පැරණි ගොඩනැගිලි අලුත්වැඩියා කටයුතු සඳහා වැය කිරීමට හැකි විය. ඒ අනුව ආපදාවක් නිර්මාණ කළ හැකි ගොඩනැගිලිවලින් 100%ක්ම අලුත්වැඩියා කිරීමට 2023/24 වර්ෂවල සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට හැකි වුණේය. මෙය පළාත් ආපදා කළමනාකරණ සැලසුමෙන් ඉදිරිපත් වූ යෝජනාවක් බව රත්නායක මහතා පැවසුවේය.
  • උපාය මාර්ගික සැලසුමක්
ඉහත උදාහරණ සමඟ පළාත් මට්ටමින් ආපදා කළමනාකරණ සැලසුමක් සම්පාදනය කර ගැනීම, දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය යාන්ත්‍රණයේ විවිධ ආයතන සමඟ කටයුතු කිරීම ශක්තිමත් කරන අතර එය අර්ථවත් ද කරන්නේය. එපමණක් නොව එය ආපදා කළමනාකරණයේ බාධාවන් ඉවත්කර එය සාර්ථක කර ගැනීමට ද දායකත්වයක් ලබා දෙන්‌නේය. ආපදාවලට ඍජුව දායක වන අවස්ථා ගණනාවක් ද පාසල් පද්ධතිය තුළ පවතින බව රත්නායක මහතා පෙන්වා දුන්නේය. ඒ අතර විදුලිබලය ආරක්ෂා සහිතව පාවිච්චි කිරීම, පාසල් වල පවතින අවදානම් ස්ථාන සහ අතැම් විට පාසල් භූමිය ආශ්‍රිත කඳු නායයෑම වැනි දේවල් ද තිබේ.
  • දියමන්ති ව්‍යාපෘතිය
ආපදා තත්ත්වයක් තුළ සියලු පාර්ශ්වයන් මුහුණ දෙන පොදු ආතතිමය තත්ත්වයක් ද තිබේ. පාසල් හෝ පාසල් දරුවන් ආපදාවට ලක් වූ පසු, එය කළමනාකරණය කර ගන්නා තෙක් පාසල් වසා දැමීම හෝ අධ්‍යාපන කටයුතු වලට බාධා පැමිණීම යන කාරණා දෙකම හේතුවෙන් දරුවන්ට අධ්‍යාපනය ලැබීමට ඇති අවස්ථාව අපතේ යන අතර ගුරුවරුන්ගේ ඉගැන්වීමේ කාලය ද අහිමි වෙයි. “මේක අර්ථවත්ව විග්‍රහ කර නොගැනීම මත දෙමාපියෝ, දරුවෝ, ගුරුවරු ඇතුළුව පාසල් පරිපාලනයට දායක වන සියලු දෙනා දැඩි සේ ආතතියට පත් වෙනවා. මේ හරහා අපට දැනෙන හෝ නොදැනෙන විශාල පීඩනයක් මේ පාර්ශ්වලට ඇති වෙනවා. මෙයත් කළමනාකරණය කරගත යුතු කාරණයක් ලෙස මම දකිනවා. ඒ සඳහා අ‌පේ ව්‍යවහාර තිබෙනවා (ආපදා කළමනාකරණ සැලසුම තුළ නොවෙයි). මෙහිදී වැදගත් කරුණක් ද පැහැදිලි කළ යුතුයි. පසුගිය කාලය තුළ අපි සබරගමු පළාත තුළ ක්‍රියාත්මක කළේ  එකම ආපදා කළමනාකරණ සැලැස්මක් පමණයි. ඒක ‘දියමන්ති ව්‍යාපෘතිය’ ලෙස නම් කර තිබුණා. මෙහි ප්‍රමුඛ ඉලක්කය බවට පත් වුණේ දරුවන්ගේ ඉගෙනුම් කාලය ආරක්ෂා කරදීම සහ ගුරුවරුන්ගේ ඉගැන්වීම් කාලය ආරක්ෂා කර දීම යි” රත්නායක මහතා දියමන්ති ව්‍යාපෘතියේ ප්‍රමුඛ අරමුණු පැහැදිලි කළ අතර ඒ සඳහා භාවිත කළ උපාය මාර්ග ද හෙළි කළ්ය. මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කළ රත්නායක මහතා,   “අපි උපාය මාර්ග 10ක් පමණ භාවිතා කළා. ඒවා අතර, පාසල පවත්වන සක්‍රීය දින ගණන අවම වශයෙන් 200ක්වත් වීම, පාසල් පවත්වන දින ගණන තුළ කාල පරිච්ඡේද අටක් වැඩ කිරීම, පංතිවල විෂය ඉගැන්වීම සඳහා ගුරුවරයාට දින ගණන වැඩි කරදීම, දරුවාට ගුරුවරයා මුණ ගැසෙන (සක්‍රීය උපදේශන කාලය) කාලය වැඩි කිරීම, වාර සැලසුම් සකස් කිරීම (වාරයේ දින කොපමණ සංඛ්‍යාවක් විධිමත් විෂයමාලාවට යොමු කරනවාද, දින කීයක් විෂය සමගාමී ක්‍රියාකාරකම්වලට යොමු කරනවාද ? යන්න). මෙම දියමන්ති ව්‍යාපෘතිය තුළින් අපි ලබා ගත් ප්‍රයෝජනය තමයි ගුරුවරයා, ළමයා සහ විදුහල්පතිවරයා  ආතතියට පත්වීමෙන් වළක්වා ගැනීම”.
  • ආතතියට හේතු
සිසු දරු දැරියන්, ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ඇතුළු පාසල් පරිපාලනය ආතතියට පත්වීමට බලපාන ප්‍රධාන හේතු බොහෝ දෙනෙකු නොදකින බව රත්නායක මහතා කීවේය. ඔහු පැවසුවේ ‘අවිධිමත්භාවය’ බොහෝ ගැටලු නිර්මාණය කර ඇති බවයි. පාසල දින 200ක් පැවැත්විය යුතු බව සියලු දෙනාම සිතා සිටින බව කී රත්නායක මහතා ජාතික අධ්‍යාපන ආයතනය විසින් ලබා දී ඇති ඕනෑම විෂය නිර්දේශයක් පාසල දින 130ක් පමණක් පැවැත්වීම මඟින් 100%ක් (විධිමත් විෂය නිර්දේශය) සම්පූර්ණයෙන් අවසන් කළ හැකි බව ඔහු පෙන්වා දුන්නේය. “අර දින 200න් ඉතිරි දින 70 දීලා තියෙන්නේ විෂය සමගාමී බාහිර වැඩවලට. මෙන්න මේක නිසි පරිදි අවබෝධ කර නොගැනීම නිසා, අයාලේ යන ස්වරූපය නිසා ගුරුවරයාට පංති කාමරය තුළ උපදේශන ක්‍රියාවලිය වෙනුවෙන් ඇත්තටම ලැබෙන උපරිම දින ප්‍රමාණය 90-110 අතරේ පවතින බව අපි හඳුන ගෙන තිබෙනවා. මේ කාලය දින 110 සිට 130 දක්වා වැඩි කිරීමට තමයි අපි උපාය මාර්ග හැදුවේ. මේ හරහා අපි අපේක්ෂා කරන්නේ සාමාන්‍ය තත්ත්වය තුළ පවා ගුරුවරයා සහ සිසුවා ආතතියට පත්වීම වළක්වා ගන්න” රත්නායක මහතා සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ගත් පියවර තව දුරටත් පැහැදිලි කරමින් පැවසුවේය.
  • ඊ නැණ පියස
ගුරුවරු නිවාඩු ලබා ගැනීම ද විදුහල්පතිවරුන්ගේ ආතතිය ඉහළ දැමීමට හේතු වන බව කී රත්නායක මහතා ගුරුවරු නිවාඩු ලබා ගැනීම සාමාන්‍ය තත්ත්වයක් බව ද පෙන්වා දුන්නේ ය. “ඒ නිවාඩු ලබා ගත්තත් කාර්යයන් විධිමත් කළොත් අර දවස් 130 ලබා ගැනීමේ හැකියාව ගුරුවරුන්ට තිබෙනවා. එහෙම වුණොත් දරුවාට සක්‍රීය ඉගෙනුම් කාලයක් සහ සක්‍රීය උපදේශන කාලයක් ලැබෙනවා. සක්‍රීය ඉගෙනුම් කාලය නිර්මාණය කළ යුතු දෙයක්” බව රත්නායක මහතා සඳහන් කළේය. දරුවාගේ සක්‍රීය ඉගෙනුම් කාලය යනු පාසලේ දින 200 නොවන බව රත්නායක මහතා මෙහිදී අවධාරණය කළේය. එය විෂය සහ විෂය සමගාමී ක්‍රියාකාරම් ද ඇතුළත් කොටසක් බව ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේය. දරුවන්ගේ පාසලෙන් බැහැර ඉගෙනුම් කාලය වැඩි කිරීම සඳහා උපාය මාර්ගයක් ලෙස ‘ඊ නැණ පියස‘ ව්‍යාපෘතිය සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කළ අතර, දුරස්ථ ඉගෙනුම් කළමනාකරණ ක්‍රමවේදයක් ඒ වෙනුවෙන් නිර්මාණය කළේය. වසර 10ක පමණ කාලයක සිට මෙය ඉතාම සක්‍රීය ලෙස ක්‍රියාත්මක වන බව කී රත්නායක මහතා එය අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊ තක්සලාවට සමාන වැඩසටහනක් බව ද පෙන්වා දුන්නේය. ඊ නැණ පියස ව්‍යාපෘතිය හරහා දරුවන්ගේ ඉගෙනුම් අවස්ථා වැඩි කිරීමට පියවර ගෙන තිබෙන බව පෙන්වා දුන් රත්නායක මහතා එය ස්වයං ඉගෙනුම් අවස්ථා, අතිරේක ඉගෙනුම් අවස්ථා ලෙස භාවිත කළ හැකි බව ද කීවේය. ඊ නැණ පියස පාස්කු ප්‍රහාරය හමුවේ පාසල් වසා දමා තිබූ කාලය තුළ මෙන්ම කොවිඩ් -19 වසංගත සමයේ දී ද අතිෂයින් වැදගත් වූ බව පෙන්වා දුන් රත්නායක මහතා එය සිංහල භාෂාවෙන් අධ්‍යාපනය ලබන විදේශග ශ්‍රී ලාංකික දරුවන් පවා භාවිතා කළ බව සිහිපත් කළේය. “මෙවැනි දුරස්ථ ඉගෙනුම් කළමනාකරණ පද්ධති පළාත් වශයෙන් මෙන්ම පාසල් වලටත් නිර්මාණය කර ගැනීම ඉතාම වැදගත්. අද මේවා ඉතාම සරල සහ පහසුවෙන් නිර්මාණය කිරීමට සහ භාවිතා කිරීමට හැකියාව තිබෙන දේවල්. විශේෂයෙන් අලුත් පරම්පරාවත් එක්ක වේගයෙන් මේවා කරන්න පුළුවන් වගේම අලුත් ගුරුවරුත් එක්ක මේ ගමන යන්නත් පුළුවන්” රත්නායක මහතා වැඩි දුරටත් පැවසුවේය.
  • ආපදාව සහ ඊ අධ්‍යාපනය
ආපදා අවස්ථාවක දී පාසල් වසා දැමීම, ප්‍රවාහන පද්ධතිය බිඳ වැටීම ආදි හේතු මත විධිමත් අධ්‍යාපනය දුෂ්කර වන හෙයින් ඊ නැණසල පියස වැනි නව දුරස්ථ ඉගෙනුම් ක්‍රම භාවිතය හා ප්‍රවර්ධන ඉතා වැදගත් බව රත්නායක මහතා පෙන්වා දුන්නේය. යළි සබරගමුව පළාත උදාහරණයට ගත් ඔහු කොවිඩ්-19 වසංගත සමයේ එය සබරගමුවේ දරුවන්ට වඩා බස්නාහිර පළාතේ සහ විදේශගත ශ්‍රී ලාංකික දරුවන් භාවිතා කළ ආකාරය සහ ඒ හරහා සාර්ථක ප්‍රතිඵල ලබා ගත් ආකාරය පෙන්වා දුන්නේය. ආපදා තත්ත්වයන් තුළ අධ්‍යාපනය නිසි පරිදි පවත්වා ගෙන යාමට මාර්ග ගත දුරස්ථ අධ්‍යාපන කළමනාකරණ පද්ධති වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාව අවධාරණය ඔහු රජය මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ වැදගත්කම ද අවධාරණය කළේය. සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ‘සිත්තරු’ නමින් වසර අටක් පුරා ඉතාම සක්‍රීය දත්ත පද්ධතියක් පවත්වා ගෙන යන බව මෙහි දී රත්නායක මහතා පෙන්වා දුන්නේය. එම පද්ධතිය තුළ ගුරුවරුන්ගේ දත්ත, මානව සම්පත් කළමනාකරණයට අදාළ දත්ත, ජී.පී.එස් පද්ධතිය හරහා පාසල් ස්ථානගතව පවතින ආකාරය හඳුනා ගැනීම මේ වන විටත් පවතින බව කී රත්නායක මහතා ඉදිරියේ දී භෞතික සම්පත් කළමනාකරණයට අදාළ දත්ත මේ පද්ධතියට ඇතුළත් කිරීමට පියවර ගන්නා බව ද සඳහන් කළේය.
  • මාර්ගගත පද්ධති අවශ්‍ය ඇයි ?
ගුරුවරුන්ගේ ස්ථාන මාරු, සේවා කටයුතු ආදි රාජකාරී මාර්ගත ක්‍රමය ඔස්සේ ක්‍රියාත්මක කිරීමට වඩාත් ප්‍රශස්ත වැඩපිළිවෙළක් මේ වන විට සබරගමුව පළාත් අධ්‍යපාන දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති බවත් එය වසර පහක පමණ කාලයක් තුළ කිසිඳු ගැටලුවකින් තොරව ක්‍රියාත්මක තලයේ පවතින බවත් ඌව පළාතේ හිටපු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ආර්.එම්.පී. රත්නායක මහතා පෙන්වා දුන්නේය. “මේ වන විට අයදුම්පත් කැඳවීම සඳහා කිසිම පත්‍රිකාවක් පාවිච්චි කරන්නේ නැහැ. ස්ථාන මාරුව ලබා දුන් බවට ලිඛිතව යැවිය යුතු ලිපිය පමණයි අපි කඩදාසි භාවිතය හරහා සිදුකරන්නේ” යැයි කී රත්නායක මහතා මෙවැනි ක්‍රමවේද හරහා ජාතික ධනය නාස්ති වීම වළක්වා ගත හැකි බවත්, මේ හරහා හරිත ඵලදායීතාවය නම් නව ගෝලීය සංකල්පය වෙත වඩාත් ධනාත්මක පියවරක් තැබිය හැකි බවත් සඳහන් කළේය. ගුරුවරු සිය රාජකාරීමය හා සේවා වෘත්තීය අවශ්‍යතා හේතුවෙන් අධ්‍යාපන කාර්යාවලට යෑම අධ්‍යාපන කටයුතුවලට දැඩි හානිකර බලපෑමක් කරන බව පෙන්වා දුන් රත්නායක මහතා අදාළ රාජකාරී මාර්ගත ක්‍රමය හරහා විධිමත්ව හා කාර්යක්ෂමව සිදුකළ හැකි නම් ගුරුවරුන්ට වඩාත් පහසු තත්ත්වයක් නිර්මාණය වන බව ද පෙන්වා දුන්නේය. “මෙවැනි වැඩපිළිවෙළක් ජාතික තලයට ගේන්න කියලා පාර්ලිමේන්තු කාරක සභා මඟින් පවා අවස්ථා ගණනාවක දී නිර්දේශ කරලා තිබුණා. මේ ආණ්ඩුව යටතේ මේ වැඩපිළිවෙළ ඉදිරියට යමින් තිබෙනවා ” රත්නායක මහතා සඳහන් කළේය.

දිට්වා සුළි කුණාටුවෙන් වයඹ පළාතේ දරුවන් කොපමණ පිරිසක් පීඩාවට පත්ව සිටින්නේ දැයි මේ දක්වා නිශ්චිත තොරතුරු නොමැති අතර මව හෝ පියා, නැතහොත් දෙමාපියන් අහිමි වූ දරුවන් මෙන්ම, සහෝදර සහෝදරියන්, සමීප ඥාතීන්, මිතුරු මිතුරියන් අහිමි වූ දරුවන් ද වයඹ පළාත තුළ සිටිය හැකි නමුත් මේ දක්වා ඔවුන් සම්බන්ධ නිශ්චිත දත්ත හෝ තොරුතුරු නොමැත.

මෙරට වත්මන් අධ්‍යාපනය පද්ධතිය  සම්බන්ධ අවධානය යොමු කරන විට වැඩි ප්‍රමුඛතාවක් හිමිවන්නේ අධ්‍යාපන ක්‍රියාවලියට වන අතර එයට උපකාර සේවා සපයන පරිපාලන ව්‍යුහයක් සහ භෞතික සම්පත් ඇති අතර ඒ තුළ අධ්‍යාපන ක්‍රියාවලිය ක්‍රියාත්මක වේ. දිට්වා සුළි කුණාටුව හේතුවෙන් වයඹ පළාතේ පාසල් ගණනාවක භෞතික සම්පත් විනාශයට පත්ව ඇති අතර මේ වන විට එම පාසල්වල ප්‍රතිසංස්කරණ කටයුතු කඩිමින් සිදුවේ. මෙහිදී අපගේ වඩාත් වැඩි අවධානය යොමු විය යුත්තේ අධ්‍යාපනය ක්‍රියාවලියට වන අතර විශේෂයෙන් දරුවන් සහ ගුරුවරු ඇතුළු හානියට පත් මානව සම්පත ගැන වඩාත් වැඩි අවධානයක් යොමු කළ යුතුය.
  • පීඩාවට පත් දරුවන්
දිට්වා සුළි කුණාටුවෙන් වයඹ පළාතේ දරුවන් කොපමණ පිරිසක් පීඩාවට පත්ව සිටින්නේ දැයි මේ දක්වා නිශ්චිත තොරතුරු නොමැති අතර මව හෝ පියා, නැතහොත් දෙමාපියන් අහිමි වූ දරුවන් මෙන්ම, සහෝදර සහෝදරියන්, සමීප ඥාතීන්, මිතුරු මිතුරියන් අහිමි වූ දරුවන් ද වයඹ පළාත තුළ සිටිය හැකි නමුත් මේ දක්වා ඔවුන් සම්බන්ධ නිශ්චිත දත්ත හෝ තොරුතුරු නොමැත. “මෙවැනි පසුබිමක සිටින දරුවෙක්ට හිත නිදහසේ තබා ගෙන අධ්‍යාපන කටයුතු කරන්න පුළුවන් ද ? කියන ප්‍රශ්නය එනවා. එ් නිසා මේ ආකාරයෙන් පීඩාවට පත් දරුවන්ගේ නිවැරදි හා යාවත්කාලීන කරන ලද තොරතුරු ඇතුළත් දත්ත පද්ධතියක් කඩිනමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් හෝ වයඹ පළාත් සභාව විසින් නිර්මාණය කළ යුතුයි. නමුත් භෞතික සම්පත් යළි ගොඩනැගීමට වෙහෙසෙන තරමට මේ ආකාරයට විපතට පත් දරුවන්ගේ දත්ත පද්ධතියක් නිර්මාණය කිරීමට උනන්දුවක් ඇති බවක් පේන්න නැහැ, ඒක කනගාටුදායක තත්ත්වයක්. නමුත් අපි කඩිනමින් විපතට පත් මේ දරුවන් හඳුනා ගත යුතුයි, ඔවුන්ගේ ආපදාවේ ස්වභාවය, ඔවුන් දැන් සිටින තත්ත්වය ආදි සංවේදී කාරණා සම්බන්ධයෙන් නිවැරදි දත්ත සහ තොරුතුරු අප සතුව තිබිය යුතුයි” කතිකාවට ප්‍රවේශයක් ගනිමින් සිරිමෙවන් පොඩි නිලමේ  මහතා කීවේය. මෙහිදී ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ  මෙවැනි වැඩපිළිවෙළක් හරහා අදාළ දරුවන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කර තහවුරු කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවයි. තම පුද්ගලික අත්දැකීම අනුව හැකි ඉක්මනින් කාර්ය සාධක බළකායක් ස්ථාපිත කිරීම හරහා විශේෂඥ දැනුමැති පුද්ගලයින් දරුවන් ආපදා තත්ත්වයෙන් හා පශ්චාත් ආපදා තත්ත්වය හමුවේ මුහුණ දෙන ගැටලුවලින් මුදවා ගැනීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව ද පොඩි නිලමේ මහතා දැඩිව අවධාරණය කළේය.
  • විපතට පත් දරුවන්ට විශේෂයක්
දිට්වා සුළි කුණාටුව හමුවේ විපතට පත් දරුවන් සේම එවැනි පීඩාවකට මුහුණ නොදුන් දරුවන් ද සිටින බව පෙන්වා දුන් පොඩි නිලමේ මහතා මෙම දරුවන් දෙපිරිසම පොදු විභාගයකට මුහුණ දිය යුතු බව ද පෙන්වා දුන්නේය. “පීඩාවට පත් වූ දරුවන් සේම එවැනි පීඩාවක සුළඟවත් නොවැදුණු දරුවන් යන දෙපිරිසම එකම විභාගයකට මුහුණ දෙනවා. මේක අසාධාරණ තත්ත්වයක්. එක පිරිසක් බලවත් අසාධාරණයකට මුහුණ දෙනවා. ඉදිරියේ දී පැවැත්වීමට නියමිත අපොස සාපෙළ විභාගයේ දී මෙන්ම විෂයන් කිහිපයක් කල් දැමූ උසස් පෙළ විභාගයට මුහුණ දෙන දරුවන් අතර ද මේ විෂමතාව තිබෙනවා, මෙය අසාධාරණ තත්ත්වයක්. එනිසා මේ සම්බන්ධයෙන් ගත හැකි වඩාත් සාධාරණ පියවරක් ගැන අධ්‍යාපන අමාත්‍යාංශය අවධානය යොමු කළ යුතුයි” සිරිමෙවන් පොඩි නිලමේ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
  • පෙර සූදානම
දේශගුණික විපර්යාස හමුවේ සංකීර්ණ වන කාලගුණික හා දේශගුණික තත්ත්වයන් හේතුවෙන් ඉදිරියේ දී ආපදා සුලභ වීම හෝ වඩාත් තීව්‍රර වීම අපේක්ෂා කරන හෙයින් ආපදාවන්ට මුහුණ දීම සම්බන්ධයෙන් පාසල් දැරුවන් අතර දැනුම සහ හැකියාවන් පුළුල් කළ යුතු බව ද සිරිමෙවන් මහතා පෙන්වා දුන්නේය. “මෙවැනි වැඩපිළිවෙළක් පාසල් පද්ධතියට හඳුන්වා දීම තුළින් හදිසි ආපදා තත්ත්වයක දී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් දරුවන්ගේ දැනුම සහ කුසලතා ප්‍රවර්ධනය කළ හැකියි. එමඟින් ආපදාවකට වඩාත් හොඳ පූර්ව සූදානමක් සහ දැනුමක් එක්ක කටයුතු කිරීමට දරුවන්ට හැකියාව ලැබෙනවා” සිරිමෙවන් මහතා අවධාරණය කළේය. ග්‍රාම නිලධාරී කොට්ඨාශ මට්ටමින් හෝ දරුවන් ගැන සොයා බලන නිලධාරියෙක් පත් කිරීම ගැන රජයේ අවධානය යොමු කළ සිරිමෙවන් මහතා දෙමාපියන්ට සහ පාසලට අතපසු වෙන කාර්යභාරයක් මෙවැනි නිලධාරියෙකු හරහා පහසුවෙන් ඉටු කරවා ගත හැකි බව ද කීවේ ය. මෙහි දී අලුතින් නිලධාරීන් බඳවා ගැනීම වෙනුවට මේ වන විටත් සේවයේ යෙදී සිටින සංවර්ධන නිලධාරීන්ට අදාළ විෂය සම්බන්ධයෙන් විධිමත් පුහුණුවක් ලබාදීමෙන් පසුව අනුයුක්ත කළ හැකි බව පෙන්වා දුන් සිරිමෙවන් පොඩි නිලමේ මහතා එය දරුවන් සහ අධ්‍යාපන පද්ධතිය සම්බන්ධයෙන් ධනාත්මක පියවරක් වනු ඇති බ ද පෙන්නා දුන්නේ ය. මෙහිදී ආචාර්ය සුජාතා ගමගේ පෙන්වා දුන්නේ සිරිමෙවන් පොඩි නිලමේ මහතා සඳහන් කළ ආකාරයට එක් එක් දරුවා ගැන තොරතුරු එක්රැස් කිරීමට මධ්‍යම රජයට හැකියාවක් ඇති බව තමා නොසිත බවයි. මෙහිදී යළි සාකච්ඡාවට එක් වූ සිරිමෙවන් මහතා දරුවන් සම්බන්ධයෙන් පවුලෙන් සහ පාසලින් බැහැරව සොයා බැලීමේ වගකීම දරන තැනැත්තෙකුගේ අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටියේ ය. ඔහු උදාහරණයක් මඟින් පෙන්වා දුන්නේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වන බොහෝ දරුවන් එසේ කරනුයේ පවුලෙන් හෝ පාසලෙන් පිට පොදු සමාජ අවකාශය තුළ දී බවයි. මෙවැනි පසුබිමක් තුළ මෙම අන්තර් කලාපයේ දී දරුවන් සම්බන්ධයෙන් සොයා බැලීමේ වගකීම දරන තැනැත්තෙකුගේ අවශ්‍යතාව ඔහු නැවත පෙන්වා දුන්නේය. “මේක මගේ පුද්ගලික අදහසක් පමණයි. නමුත් මම පුද්ගලිකව විශ්වාස කරනවා මෙවැනි නිලධාරියෙක් ග්‍රාම නිලධාරී කොට්ඨාශ මට්ටමින් පත් කිරීම තුළින් මත්ද්‍රව්‍ය ඇතුළු අපයෝජනවලින් දරුවන්ව පහසුවෙන් ආරක්ෂා කර ගැනීමට හැකියාවක් ලැබෙයි කියලා”. මෙහිදී සාකච්ඡාවට එක් ආචාර්ය සුජාතා ගමගේ කියා සිටියේ චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සමයේ, 1996 දී මේ සම්බන්ධයෙන් ගැසට් පත්‍රයක් පළ වූ බවත් අකිල විරාජ් කාරියවසම් අධ්‍යාපන අමාත්‍යවරයාගේ කාලයේ එම ගැසට් නිවේදනය යළි අලුත් කිරීමට ද පියවර ගත් බවයි. ඒ අනුව ග්‍රාම නිලධාරී කොට්ඨාශ මට්ටමින් ‘පාසල් ආරක්ෂක කමිටුව’ නමින් නව කමිටුවක් ස්ථාපිත කළ බව පෙන්වා දුන් ආචාර්ය සුජාතා ගමගේ පාසල් කිහිපයක් එකතු කිරීම තුළින් පාසල් පැමිණීමේ කමිටුව නිර්මාණය කළ බව ද පෙන්වා දුන්නේය. සිරිමෙවන් පොඩි නිලමේ මහතා පෙන්වා දුන් ආකාරයට මෙම කමිටුවට සංවර්ධන නිලධාරියෙකු ද අනුයුක්ත කළ හැකි නම් එය ‘හොඳ අදහසක්’ බව ආචාර්ය සුජාතා ගමගේ කීවාය. වර්තමානය වන විටත් පාසල් ආරක්ෂක කමිටු ක්‍රියාත්මක වන බව පෙන්වා දුන් කුරුප්පු ආරච්චි මහතා එම කමිටුවට ග්‍රාම නිලධාරී, ප්‍රා.ලේ. කාර්යාලට අනුයුක්තව කටයුතු කරන ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරියා ද ඇතුළු අදාළ නිලදාරීන් සම්බන්ධ වි සිටින බව ද සඳහන් කළේය. මෙහිදී සාකච්ඡාවට එක් වූ භද්‍රා විතානගේ මත්මිය සඳහන් කළේ සිරිමෙවන් මහතා සඳහන් කරන්නේ ‘සුරක්ෂා කමිටු’ ගැන බවයි.

සටහන – තුෂාල් විතානගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website