MakeMyTrip: ඉන්දීය සංචාරකයින් අතර ජනප්‍රියම ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත්වෙයි

Indian Travellers in Sri Lanka | Facebookඋත්සව සමයේදී ඉන්දියානු සංචාරකයින් වැඩිපුරම වෙන්කරවා ගත් තුන්වන ජාත්‍යන්තර සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව පත්ව ඇති බවත් ශ්‍රී ලංකාව කෙරෙහි ඉන්දීය සංචාරකයින් තුළ ඇති උනන්දුව ඉහළ යන බවත් MakeMyTrip අන්තර්ජාල සංචාරක වේදිකාවේ නවමත වාර්තාවක සහන් වේ.

මෙම ලැයිස්තුවේ පළමු ස්ථාණයේ තායිලන්තය ද දෙවැනි ස්ථානයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය දෙවන ස්ථානයේ සිටින අතර ශ්‍රී ලංකාවට පිටුපසින් වියට්නාමය සිටී.

මැලේසියාව, ඉන්දුනීසියාව, සිංගප්පූරුව, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය සහ හොංකොං ද ඉහළම ගමනාන්ත අතරට ඇතුළත් බව MakeMyTrip වැඩි දුරටත් පවසයි.

ශ්‍රී ලංකාවේ තුන්වන ස්ථානය ශ්‍රේණිගත කිරීම, වැඩිදියුණු කළ සම්බන්ධතාවය, සරල කළ වීසා ප්‍රවේශය සහ කෙටි දුර ගමනාන්ත සොයන ඉන්දියානු සංචාරකයින්ගේ උනන්දුව වැඩිවීම හේතුවෙන් සංචාරක කර්මාන්තයේ ස්ථාවර පිබිදීමක් පිළිබිඹු කරයි.

උපරිම සංචාරක කාලවලදී ආසියාවේ සහ මැදපෙරදිග කෙටි දුර ජාත්‍යන්තර ගමනාන්ත සඳහා ඉන්දියානු සංචාරකයින් අතර පැහැදිලි කැමැත්තක් ඇති බව දත්ත මගින් ඉස්මතු කරන බවත්, ගමන් පහසුව සහ මුදලට වටිනාකම ප්‍රධාන තීරණ සාධක ලෙස මතුවන බවත් MakeMyTrip වැඩි දුරටත් පැවසීය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website