IOC වෙනුවෙන් ඉන්ධන මෙට්‍රික් ටොන් 38,000ක් රැගත් නැව අද කොළඹට

ඉන්ධන මෙට්‍රික් ටොන් 38,000ක් රැගත් ඉන්දියානු නෞකාවක් අද කොළඹ වරායට පැමිණීමට නියමිත බව ඉන්දීය ඛනිජ තෙල් සංස්ථාව පැවසුවේය.

මෙම ඉන්ධන තොගය ලංකාවේ ක්‍රියාත්මක වන ඉන්දින් ඔයිල් සමාගම (IOC) හරහා නිකුත් කෙරේ.

මෙහි ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18,000ක් අන්තර්ගත එම සමාගම වැඩි දුරටත් පැවසුවේය.

ඉන්ධන සැපයුම් ගැටලු විසඳීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර මෑතකදී පැවති රාජ්‍ය තාන්ත්‍රික දුරකථන සංවාදයකින් පසුව මෙම නැව්ගත කිරීම සිදු කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website