
ICC World Cup 2026 – සුපිරි 08 කාණ්ඩයේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අද (25) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරඟයෙන් නවසීලන්තය ලකුණු 61ක ජයක් වාර්තා කළේය.
ICC ලෝක කුසලාන T20 2026 සුපිරි 08 කාණ්ඩයේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරඟ අද (25) ප.ව 07.00 කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුණේය. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා මුලින්ම පන්දුවට පහර දීමට නවසීලන්තයට ආරාධනා කළේය.
ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනයෙන් මුලින්ම පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩුළු 07කට ලකුණු 168ක් රැස් කළේය. මහේෂ් තීක්ෂණ සහ දුෂ්මන්ත චමීර කඩුළු 03 බැගින් දවා ගත් අතර දුනිත් වෙල්ලාලගේ එක් කඩුල්ලක් දවා ගත්තේය.
පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩුළු 08ක් දැවී ලකුණු 107ක් රැස් කළේය. ඒ අනුව නවසීලන්ත කණ්ඩායම ලකුණු 61ක ජයග්‍රහණයක් වාර්තා කළේය.












