Google ප්‍රධානියා සුන්දර් පිචායි AI ගැන කළ විශේෂ හෙළිදරව්ව

කෘත්‍රිම බුද්ධි තාක්ෂණය මත පමණක් රඳා පැවතීමට වඩා පොහොසත් තොරතුරු පරිසර පද්ධතියක් තිබීමේ වැදගත්කම එමගින් ඉස්මතු කරන බව පිචායි පැවසීය.

කෘත්‍රිම බුද්ධිමය (AI) මෙවලම් පවසන සෑම දෙයක් ම මිනිසුන් “අන්ධ ලෙස විශ්වාස” නොකළ යුතු බව Google මව් සමාගම වන Alphabetහි ප්‍රධානියා බීබීසීයට පැවසීය.

විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී එහි ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචායි පැවසුවේ, කෘත්‍රිම බුද්ධි ආකෘති “දෝෂවලට ගොදුරු වීමේ ප්‍රවණතාවක් ඇති” බවත් අනෙකුත් මෙවලම් සමග ඒවා භාවිත කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ය.

කෘත්‍රිම බුද්ධි තාක්ෂණය මත පමණක් රඳා පැවතීමට වඩා පොහොසත් තොරතුරු පරිසර පද්ධතියක් තිබීමේ වැදගත්කම එමගින් ඉස්මතු කරන බව පිචායි පැවසීය.

“මේ නිසා තමයි මිනිස්සු Google search භාවිත කරන්නේ, ඒ වගේ ම නිවැරදි තොරතුරු සැපයීමේදී වඩාත් විශ්වසනීය මූලාශ්‍ර මත පදනම් වුණු වෙනත් නිෂ්පාදන අප සතුව තිබෙනවා.”

කෙසේ වෙතත්, ඇතැම් විශේෂඥයින් පවසන්නේ Google වැනි විශාල තාක්ෂණික සමාගම් තම මෙවලම් මගින් සපයනු ලබන තොරතුරුවල නිවැරදි බව පරීක්ෂා කිරීමට පරිශීලකයින්ට ආරාධනා නොකළ යුතු බවත්, ඒ වෙනුවට ඔවුන්ගේ තොරතුරු පද්ධති වඩාත් විශ්වාසදායක කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත් ය.

source:bbc.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website