GMOA හෙට සිට දිවයින පුරා වැඩ වර්ජනයක

දිවයින පුරා සියලුම රෝහල්වල රජයේ වෛද්‍යවරුන් හෙට (අප්‍රේල් 4) පෙ.ව. 8:00 සිට වැඩ වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසීය.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ඉදිරියට ගෙන යා යුතුද යන්න තීරණය කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව හෙට (04) රැස්වන ද විජේසිංහ මහතා පැවසුවේය.

නීති විරෝධී වෛද්‍ය මාරුවීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය මාර්තු 31 වන දින පෙ.ව. 8.00 සිට අප්‍රේල් 01 වැනිදා පෙ.ව 08.00 දක්වා රට පුරා එක්දින සංකේත වැඩ වර්ජනයක් දියත් කර තිබුණ අතර  පැය 24ක සංකේත වැඩ වර්ජනය අප්‍රේල් 01 වන දින අවසන් විය.

ඊට පසුව එම සංගමය ඊයේ (02) පෙ.ව. 8.00 සිට සියලුම රජයේ රෝහල්වල වෛද්‍යවරුන් පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ද පැවැත්වීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website