රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (04) පැවති විධායක සභා රැස්වීමේදී ගත් තීරණයකට අනුව, අද (05) පෙ.ව. 08.00 සිට හෙට පෙ.ව 08.00 දක්වා එක් දින දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනය ආරම්භ කරන බව නිවේදනය කර ඇත.
වැඩ වර්ජනය අතරතුර දිවයින පුරා සාමාන්‍ය ප්‍රතිකාර සේවා සම්පූර්ණයෙන්ම අඩාල විය හැකි වුවත් හදිසි ප්‍රතිකාර සේවා බාධාවකින් තොරව ක්‍රියාත්මක කරන බව එම සංගමය වැඩි දුරටත් පැවසුවේය.
පවතින තත්ත්වය නිරීක්ෂණය කිරීම සහ අඛණ්ඩ වර්ධනයන් මත පදනම්ව ඉදිරි පියවර සැලසුම් කරන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩි දුරටත් පැවසුවේය.














