මෝටර් රථ ප්‍රවාහනදෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරීන් 03 දෙනෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයක සදහන් වේ.
එම නිවේදනය පහත දැක්වේ.
ව්‍යාජ ආකාරයට මෝටර් රථ කිහිපයක් ලියාපදිංචි සිදුකිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවය කරන ලද නිලධාරින් 03 දෙනෙකු 2026.03.26 දින පෙ.ව 09.05 ත් පෙ.ව 09.25ත් අතර කාලය තුළ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
අදාළ තොරතුරු පහත පරිදි වේ.
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නීත්‍යනුකූල මුල් ලියාපදිංචියක් නොමැති වාහන 03ක් නීත්‍යානුකූල නොවන පැවරීමක් සිදුකිරීම සඳහා දත්ත ඇතුළත් කිරීමේ චෝදනාව මත හිටපු සංවර්ධන සහකාරවරයෙකු (මාර්ග ආරක්ෂාව)
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නීත්‍යනුකූල මුල් ලියාපදිංචියක් නොමැති වාහන 03ක් නීත්‍යානුකූල නොවන පැවරීමක් සිදුකිරීම සඳහා කවුළු අංක නිකුත් කිරීමේ චෝදනාව මත හිටපු විමර්ශන සහකාරවරයෙකු
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නීත්‍යනුකූල මුල් ලියාපදිංචියක් නොමැති වාහන 03ක් නීත්‍යානුකූල නොවන පැවරීමක් සිදුකිරීමට අනුමැතිය ලබාදීමේ චෝදනාව මත හිටපු සහකාර කොමසාරිස්වරයෙකු











