
පුත්තලම දිස්ක්රික් ක්ෂය රෝග මර්ධන නිලධාරිනී, වෛද්‍ය මාධවි ද අල්විස්
ක්ෂය රෝග මර්ධන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන වෙනුවෙන් පුත්තලම දිස්ත්‍රික් ක්ෂය මර්ධන නිලධාරිනී වෛද්‍ය මාධවි ද අල්විස් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරිණි.
ක්ෂය රෝගීන් පවුලේ සහාය අවශ්‍ය වන්නේ ඇයි ?
ක්ෂය රෝගය කියන්නේ ඖෂධ, නැතිනම් ප්‍රතිකාර මඟින් පමණක් සුවකළ නොහැකි රෝගයක්. මේ සමඟ ඔහුගේ පෝෂණය, ඔහු ජීවත් වන සමාජයේ ජනඝනත්වය වගේම පවුලේ සහ සමාජයේ සහයෝගය මේ රෝගය සුව කිරීම සමඟ බැඳී තිබෙනවා. ඒ නිසා ක්ෂය රෝගීන්ට පවුලේ සහාය ඉතාම අවශ්‍යයි. ඒ නිසාම යම්කිසි රෝගියෙක් ළය රෝග සයනයට පැමිණි පසු ඔහු හෝ ඔහුගේ පවුලේ අයත් මේ රෝගය ගැන දැනුවත් කරනවා. ඒ රෝගියාට පවුලේ සහාය, රැකවරණය සහ අවධානය ලැබිය යුතු නිසයි. මෙහි දී ‘පවුල් ප්‍රතිකාර ක්‍රමය’ ගැන විශේෂ අවධානයක් යොමු කරනවා. පවුල් ප්‍රතිකාර ක්‍රමය කියන්නේ දුර බැහැර නිසා සායනයට පැමිණිය නොහැකි පුද්ගලයින්ට පලවුලේ වගකිව යුතු පුද්ගලයෙකු සිටිනවා නම් ඔහු මඟින් දෛනික ප්‍රතිකාර ලබාදීමේ ක්‍රමය. එවිට මෙම පුද්ගලයාට පුළුවන් රෝගියාට නිසි ඖෂධ, ආහාර ආදිය ලබාදීම ගැන සැලකිලිමත් වීමට. ඒ වගේම රෝගයා නිසි පරිදි ඖෂධ ගන්නා බවට වගබලා ගැනිම, ඔහුට නිසි පෝෂණයක් ලබා දීම පවුලේ වගකීමක් ලෙස අපි සලකනවා. මීට අමතරව රෝගයාට යොමුවන අවධානය ගැන කතා කළොත් ඒක මාස හයක් හෝ අවුරුද්දක් වෙන්න පුළුවන්. මෙවැනි දීර්ඝ කාලයකදී රෝගියාට යම්කිසි අවස්ථාවක හිතෙන්න පුළුවන් ‘මම දැන් බේත් ගත්තා ඇති’ කියලා. මෙවැනි අවස්ථාවක රෝගියා අඛණ්ඩ ඖෂධ ලබා ගන්නා බවට වගබලා ගැනීම පවුලේ වගකීමක්. ඒ වගේම ක්ෂය රෝගය නිසා රෝගියා සමාජයෙන් කොන්වීම, ලැජ්ඡාවට පත්වීම වළක්වා ගැනීම ඔහුගේ පවුගේ සමාජිකයින්ගේ වගකීමක්. ඒ නිසා තමයි අදාළ ක්ෂය රෝගියාගේ පවුලේ සාමාජිකයින් දැනුවත් කිරීම සහ ඔවුන්ගේ සහාය බලාපොරොත්තු වෙන්නේ.
ක්ෂය රෝගියෙකු ප්‍රතිකාර ගැනීමේ දී සාමාජ සහයෝගය ඉතාම වැදගත් නේද ?
ඔව්, ක්ෂය රෝගියෙකු ප්‍රතිකාර ගැනීමේ දී සමාජ ආරක්ෂණ ක්‍රමය ඉතාම වැදගත්. ඒකට හේතුව තමයි ඔහු ප්‍රතිකාර ගැනීමේ දී ඇතැම් විට ඔහුගේ රැකියාව හෝ ජීවන මාර්ගය අහිමි වෙන්න, බිඳ වැටෙන්න පුළුවන්. ඒ වගේම ඔහුට ප්‍රතිකාර වෙනුවෙන් වැඩි වියදමක් දැරීමට සිදුවිය හැකියි. රෝහලට යන්න, සායනවලට යන්න සහ අමතර පෝෂණයක් ලබා ගන්න වැඩිපුර මුදලක් වැය විය හැකියි. මේ ආකාරයේ ආර්ථික අපහසුතාවලට රෝගියෙකු අදාළ ප්‍රතිකාර ලබා ගන්නා කාලය තුළ ලක්විය හැකියි. මීට අමතරව ඔහු රැකියාවක් හෝ වෙනත් ජීවන වෘත්තියක් කරන්නේ නම් අදාළ ස්ථානය තුළ ඔහු යම්කිසි කොන් ක කිරීමකට ලක්විය හැකියි. වෛද්‍ය නිලධාරීන් ලෙස අපි මේ ගැන සැලකිලිමත්ව සිටිනවා. ඒ අනුව රෝගියාට සුදුසු මානසික හා ආර්ථික පරිසරයක් ස්ථාපිත කිරීමට අපි පියවර ගෙන තිබෙනවා. ඒ නිසා ක්ෂය රෝගීන් කොන් නොකිරීම සහ ඔවුන් අවශ්‍ය ධෛර්ය ලබා දීමේ වගකීමක් සමාජය හමුවේ තිබෙනවා.
ඔබ කිව්වා ක්ෂය රෝගීන් ආර්ථික අපහසුතාවලට ලක්වෙනවා කියලා. මේ වෙනුවෙන් රජය යම්කිසි වැඩපිළිවෙළක් දියත් කරලා තිබෙනවා ද ?
අපි දන්නවා ක්ෂය රෝගියෙකු මාස කිහිපයක් අඛණ්ඩව ප්‍රතිකාර ලබා ගත යුතුයි. මේ කාලය තුළ ඔහුට හෝ ඇයට තමන්ගේ රැකියාව හෝ ජීවන මාර්ග අහීමි වීමට පුළුවන්. ඔහු පවුගේ ‘එකම ආදායම් උපයන්නා’ වුණොත් මේ තත්ත්වය තවත් සංකීර්ණ වෙනවා. ඒ නිසා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ සමාජ සේවා දෙපාර්තමේන්තුව එක්ව අදාළ ක්ෂය රෝගියාවට ‘මාසික දීමනාවන්’ ලබා දෙනවා. මේ දීමනාව දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට වෙන් විය හැකියි. අපි මේ දීමනාව ගැන රෝගීන්ව දැනුවත් කරනවා. අපේ සායනයේ ලියාපදිංචි වන රෝගියෙකුට අපි සහතිකයක් නිකුත් කරනවා, ඔහු තමා අයත් ග්‍රාම නිලධාරිවරයා හරහා ‘ඔහු මේ දීමනාව ලැබීමට සුදුසුයි’ කියලා නිර්දේශ ඛල පසු ඔහු අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමාජ සේවා නිලධාරී වරයා මාර්ගයෙන් මාසිකව මේ දීමනාව මීට අමතරව අදාළ රෝගියාගේ පෝෂණ අවශ්‍යතා වෙනුවෙන් අප ආයතනය විසින් මාසිකව ත්‍රිපෝෂ අතිරේකයක් ලබා දෙනවා. අපි මේ සියලු පියවර ගන්නේ ක්ෂය රෝගියාට සුදුසු ආර්ථික හා පෝෂණ ත්තත්වයක් සහතික කිරීම මඟින් ඔහුව නිරෝගී පුද්ගලයෙකු කිරීම සඳහායි. අඛණ්ඩ ප්‍රතිකාර මඟින් ඔහුව සුවපත් කිරීම සඳහායි.
සංවාදය සහ සටහන – තුෂාල් විතානගේ











