2030 වන විට ඩිජිටල් ආර්ථිකය ඩොලර් බිලියන 30ක් දක්වා වර්ධනය කිරීමට සැලසුම්

2030 වන විට ඩිජිටල් ආර්ථික මෙහෙයුම්වලින් ඩිජිටල් ආර්ථිකය ඩොලර් බිලියන 30ක් දක්වා වර්ධනය කිරීමට පියවර ගන්නා බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග විරරත්න මහතා පවසයි.

ශ්‍රි ලංකාවේ ඩිජිටල් පරිවර්තනය සහ 2026 වර්ෂයේ සැලසුම් කර ඇති සංවර්ධන සැලසුම් පිළිබඳව අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

ඩිජිටල්කරණය කිරීමේදී රාජ්‍ය ඩිජිටල්කරණය කිරීම, ඩිජිටල් කර්මාන්තය සංවර්ධන කිරීම, ඩිජිටල් ආර්ථිකය සංවර්ධන කිරීම, ඩිජිටල්කරණය කිරීමට අවශ්‍ය ඉංජිනේරු ශ්‍රම බලකායක් ඇති කිරීම, ඩිජිටල් මාධ්‍ය භාවිතා කරන අනෙක්ත් ක්ෂේත්‍රයන් තුළ කාර්යක්ෂමතාව ඇති කිරීම යන ප්‍රධාන කර්තව්‍ය 05 කිරිමට බලාපොරොත්තුවන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

E-commerce වැනි ඩිජිටල් මාර්ගයෙන් කරන ගෙවීම් හරහා මුදල් නෝට්ටු භාවිතා කර සිදුකරන ගෙවීම් සියල්ලම ඩිජිටල් මාධ්‍යට ගෙන යාමත් ඒ හරහා රටේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම මෙන්ම රටේ ජනතාවට ඔනෑම ස්ථානය සිට ඔනෑම වෙලාවක ගනුදෙනු කිරීමට හැකියාව ඇති කිරීමත් ඩිජිටල්කරණය කිරිම තුළින් බලාපොරොත්තු වන බව ද ඔහු පැවසිය.

ඩිජිටල්කරණය කිරීමේ දී ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජන ආයතනය, ශ්‍රී ලංකා පරිගනක හසිදි ප්‍රතිචාර සංසදය, ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතන, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව, දත්ත ආරක්ෂණ අධිකාරිය, පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව සහ කොළඹ නෙළුම් කුළුණ කළමණාකරන සමාගම මේ සඳහා සෘජුවම දායක වන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඩිජිටල්කරණය කිරීමේදී ඊට අවශ්‍ය ආයතන පිහිටුවිය යුතු බවත් ඒ සඳහා අවශ්‍ය පනත් කෙටුම්පත් සකසන බව ද පැවසු අමාත්‍යවරයා,  මාර්ගස්ථ සුරක්ෂිතභාවය පිළිබඳ පනත ඩිජිටල් අමාත්‍යංශයට ලැබි ඇති බවත් ඒ සඳසා කොමිෂන් සභාව පිහිටුවන බව ඔහු සඳහන් කළේය.

ඩිජිටල් ආර්ථික පනත හරහා ඩිජිටල් ආර්ථික අධිකාරියක් පිහිටුවිමත් එයින් රජයේ ඇති අමාත්‍යංශ, ආයතන එක ඩිජිටල් පද්ධතියක් කරා ගෙන ඒමට සිදු කරන බවත් සයිබර් ආරක්ෂණ පනත ගෙන එන බවත් එයින් ඩිජිටල්කරණය කරා යන ගමනේදී සයිබර් අවකාශයෙන් වන ප්‍රහාරවලට මුහුණ දීමට මෙන්ම ඒ සඳහා අවශ්‍ය සයිබරි ආරක්ෂාව නිසි ආකාරයෙන් ඩිජිටල් පද්ධතිය තුළ බලාත්මක කරන බව ද නියෝජ්‍ය අමාත්‍ය එරංග පෙන්වා දුන්නේය.

Gov Pay ඩිජිටල්කරණයේ හොඳ ආරම්භයක් බවත් එයින් ප්‍රධානම සේවවක් ලෙස ස්ථානීය රථ වාහන දඩ ගෙවිම් හඳුන්වා දිය හැකි බවත් එය QR Payment  දක්වා වැඩි දියුණු කිරිමට බලාපොරොත්තු වන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

මෙම වසර අවසන් වන විට ඩිජිටල් හැඳුනුම්පත් ලබා දීමත්  සුපර් ඇප් පද්ධතිය එළිදැක්විමෙන් රාජ්‍ය සේවාවන් සියල්ල එක් තැනකට ගෙන එන බව ද ඔහු පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website