2026 වසරට නියමිත 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ඇරඹෙයි

2026 අගෝස්තු 9 වන දින පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනයක් විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

අද (30) සිට අප්‍රේල් 30 වන දින මධ්‍යම රාත්‍රිය දක්වා අයදුම්පත් භාර ගන්නා බවත් කිසිදු හේතුවක් නිසා අවසන් දිනය දීර්ඝ නොකරන බව දෙපාර්තමේන්තුව අවධාරණය කළේය.

රජයේ පාසල්වල හෝ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ට පමණක් විභාගයට පෙනී සිටීමට සුදුසුකම් ලැබේ.

ශිෂ්‍යත්ව ප්‍රදානය කරනු ලබන්නේ 2027 ජනවාරි 31 වන විට වයස අවුරුදු 11 ට අඩු අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ට පමණක් බව ද විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

අයදුම්පත් මාර්ගගතව ඉදිරිපත් කළ යුතු අතර, අදාළ උපදෙස් https://onlineexams.gov.lk/eic වෙත පිවිසීමෙන් ලබා ගත හැකිය.

විශේෂ අවශ්‍යතා ඇති සිසුන් සඳහා සවිස්තරාත්මක මාර්ගෝපදේශ ද නිල උපදෙස් පත්‍රිකාවේ ඇතුළත් කර ඇත.

වැඩිදුර තොරතුරු සඳහා මහජනතාවට පහත ක්‍රම මගින් දෙපාර්තමේන්තුව හා සම්බන්ධ විය හැකිය:

0112 784 537 / 0112 786 616 / 0112 784 208 / 0112 786 200 / 0112 784 201

  • ක්ෂණික දුරකථන අංකය: 1911
  • ෆැක්ස් අංකය: 0112 784 422
  • Email: http://gr5schexam@gmail.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website