2026 දී ශ්‍රී ලංකා ආර්ථික වර්ධනය පහළට – IMF

2025 දී 5%ක වර්ධනයක් වාර්තා කළ ශ්‍රී ලංකා ආර්ථික වර්ධන වේගය 2026 වන විට 3.1% ක් දක්වා පහළ වැටෙනු ඇතැයි  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තෝමස් හෙල්බ්ලින් මහතා ආසියා සහ පැසිෆික් කලාපයේ ආර්ථික දැක්ම පිළිබඳ මාධ්‍ය හමුවක දී මේ බව පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව රජය සිය ප්‍රතිසංස්කරණ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම නිසා ශ්‍රී ලංකාව ශක්තිමත් ආර්ථික ප්‍රකෘතියක් අත්විඳ ඇති බව ද  ඔහු සඳහන් කළේය.

“ශ්‍රී ලංකාව සියයට 3.1ක ප්‍රවණතා වර්ධනයක් කරා ගමන් කරමින් සිටින අතර, 2024 සහ 2025 දී අප සැබවින්ම අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත් ප්‍රකෘතිමත් වීමක් සමඟ, එම ප්‍රවණතාවයට නැවත පැමිණීම ටිකක් ඉක්මනින් සිදුවන බව අපට දැකගත හැකියි,” හෙල්බිග් වැඩි දුරටත් පැවසීය.

චතුරී සමරවීර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website