නොවැම්බර් 21 වන දින නුගේගොඩදී පැවැත්වීමට නියමිත විපක්ෂ විරෝධතා රැලියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහභාගී නොවන නමුත් හිටපු ජනාධිපතිවරයාගේ ආශිර්වාදය ඇතිව රැලිය පැවැත්වෙන බව නාමල් රාජපක්ෂ මහතා පවසයි.
“මහින්ද රාජපක්ෂ මහතා සැමවිටම ජනතාව සහ රට වෙනුවෙන් පෙනී සිටි නායකයෙක්. අපි ඔහුගේ දේශපාලනය යටතේ අත්දැකීම් ලබා ගනිමින් හැදී වැඩුණා. ඒ නිසා, අරගලයක් මෙහෙයවා ජාතිය ගොඩනඟන්නේ කෙසේදැයි අපි දන්නවා,” නාමල් රාජපක්ෂ වැඩි දුරටත් පැවසුවේය.














