2025 OL: අවම වශයෙන් පැයකට පමණ පෙර විභාග මධ්‍යස්ථානයට එන්න – විභාග කොමසාරිස් සාපෙළ සිසුන්ගෙන් ඉල්ලයි

2025 අ.පො.ස. සාමාන්‍ය පෙළ (සා/පෙළ) විභාගය හෙට (17) ආරම්භ වීමට නියමිත අතර පෙබරවාරි 26 දක්වා විභාගය පැවැත්වේ.

දිවයින පුරා මධ්‍යස්ථාන 3,545කදී අපේක්ෂකයින් 451,463 දෙනෙකු විභාගයට පෙනී සිටීමට නියමිත බව විභග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ ප්‍රකාශ කළේ විභාගය ආරම්භ වීමට නියමිත වේලාවට අවම වශයෙන් පැයකට පෙර අපේක්ෂකයින් තම විභාග මධ්‍යස්ථාන වෙත වාර්තා කළ යුතු බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website