ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සම්බන්ධයෙන් ලිඛිත මහජන අදහස් සහ යෝජනා පිළිගැනීම අද (25) සිට ආරම්භ වන අතර මෙම ඉදිරිපත් කිරීම් මාර්තු 18 වන දින දක්වා පිළිගනු ලබන බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිවේදනය කර ඇත.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද ගාස්තු සංශෝධන යෝජනාව සමාලෝචනය කිරීමෙන් පසු කෙටුම්පත් කරන ලද උපදේශන පත්‍රිකාව, www.pucsl.gov.lk හි ඔවුන්ගේ වෙබ් අඩවියෙන් පරිශීලනය සඳහා ලබා ගත හැකිය.













