හෝමූස් හරහා ගමන් කරන නැව් සඳහා ඉරානය විකල්ප මාර්ග නිවේදනය කරයි

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නැව් සඳහා විකල්ප මාර්ග ඉරානය අද (09) නිවේදනය කළේය. මුහුදු බෝම්බවලින් සිදුවිය හැකි හානිවලින් තොරව ගමන් කිරීමට මේ හරහා අවස්ථාව උදාවන බව නිවේදනයේ වැඩි දුරටත් සහන් විය.

සති දෙකක සටන් විරාමයක කොටසක් ලෙස හෝමූස් සමුද්‍ර සන්ධිය තාවකාලිකව නැවත විවෘත කිරීමට ටෙහෙරානය එකඟ වී ඇත.

“හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට අදහස් කරන සියලුම නැව්වලට සමුද්‍ර ආරක්ෂාව පිළිබඳ මූලධර්මවලට අනුකූල වීම සඳහා සහ මුහුදු බිම්බෝම්බ සමඟ ඇති විය හැකි හානි වලින් ආරක්ෂා වීම සඳහා … ඔවුන් හෝමූස් සමුද්‍ර සන්ධියේ ගමනාගමනය සඳහා විකල්ප මාර්ග ගත යුතු බව මෙයින් දැනුම් දෙනු ලැබේ,” ඉරානයේ විප්ලවවාදී ආරක්ෂකයින් නිකුත් කළ නිවේදනයක සඳහන් විය.

මෙම ප්‍රකාශය මගින් සමුද්‍ර සන්ධිය හරහා විකල්ප ඇතුළුවීමේ සහ පිටවීමේ මාර්ගයක් සඳහා උපදෙස් බෙදා ගන්නා ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website