හේලීස් සමූහ ව්‍යාපාරයෙන් සුපිරි වෙළෙඳසැල් 100ක්

ශ්රී ලංකාවේ වඩාත්ම විවිධාංගීකරණය වූ දැවැන්තම ව්යාපාර සමූහය වන හේලීස් පී.එල්.සී. සමූහය මෙරට මහා පරිමාණ සුපිරි වෙළෙඳසැල් අංශයට උපායමාර්ගිකව පිවිසීමට අපේක්ෂා කරන බව නිවේදනය කර තිබේ.
ඒ අනුව, ආරම්භයේදී හේලීස් පී.එල්.සී. වෙතින් මෙරට ප්රධාන නාගරික සහ තදාසන්න ප්රදේශ ආවරණය කෙරෙන පරිදි අළෙවිසැල් 100ක් පිහිටුවීමට සැලසුම් කර ඇත.
ශ්රී ලංකාවේ සාර්ව ආර්ථික තත්ත්වයන් වැඩිදියුණු වීම, නාගරීකරණය ඉහළ යාම සහ පාරිභෝගික ජීවන රටාවන්හි වර්ධනය වන නවීනත්වයත් සමඟ රටේ සිල්ලර අංශයේ වර්ධනය සඳහා දැවැන්ත විභවයක් හේලීස් අපේක්ෂා කරන අතර, එහි පියවරක් වශයෙන් මෙම ව්යාපාර ජාලයට මුල පිරීම සඳහා කටයුතු කරන බව හේලීස් සමූහ ව්යාපෘතිය සඳහන් කරයි. හේලීස් සමූහය ශ්රී ලංකාවේ අංක එකේ දැවැන්ත ව්යාපාරිකයකු වන ධම්මික පෙරේරා මහතා සතු සමාගම් සමූහයකි.
ධම්මික පෙරේරා මහතා මේ වසර තුළ සිය ව්යාපාරික වපසරිය පුඵල් කිරීමට ලාෆ්ස් සමූහය පුඵල් කිරීම සඳහා ලාෆ්ස් සමූහය ඇතුඵ සමාගම් 4ක් අත්පත් කරගෙන තිබූ ආකාරය දැකගත හැකි විය.

ඇම්.ඩී. ධර්මසිරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website