අහුංගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (27) සවස බලපිටිය ප්‍රදේශයේදී හා අම්බලන්ගොඩ ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු සහ එක් කාන්තාවක් සන්තකයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 14 ග්‍රෑම් 112 ක් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 13 මිලිග්‍රෑම් 32 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
අම්බලන්ගොඩා හීගල්ල ප්‍රදේශයේ නිවසක් පරීක්ෂාකිරීමෙන් සැකකරු හා සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකාරිය සන්තකයේ මත්ද්‍රව්‍යට අමතරව මිලිමීටර් 09 වර්ගයේ ජීව පතරොම් 30 ක් හා 3.8 වර්ගයේ පතරොම් 30 ක්, මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා භාවිතාකරන උපකරණ අඩංගු කිහිපයක්ද සොයාගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකිව තිබේ.
අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ බලපිටිය මාරගස් දෙක අසලදී පරීක්ෂාවට ලක්කිරීමෙනි.
සැකකරුවන් අවුරුදු 41 හා 45 වයස්වල පසුවන බලපිටිය හා අම්බලන්ගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සැකකාරිය අවුරුදු 41 ක් වන අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි.
අහුංගල්ල පොලිස් ස්ථානය විසින් මෙම අයවළුන් සම්බන්ධව පුළුල් විමර්ශනයක් ආරම්භකර ඇත.














