හෙරොයින් කිලෝ 05 ග්‍රෑම් 105ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

අද (31) අළුයම බෙන්තොට පොලිස් වසමේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර හෙරොයින් කිලෝ 05 ග්‍රෑම් 105ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අවුරුදු 40 සහ 45 වයස්වල පසුවන බෙන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website