හෙට සහ අනිද්දා ඉන්ධන නිකුත් කරන බවට සංස්ථාවෙන් සහතිකයක්

හෙට (21) අනිද්දා (22) ගබඩා පර්යන්තවලින් ඉන්ධන නිකුත් නොකරන බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා පැවසීය.

දිවයින පුරා පිරවුම්හල් වෙත අඛණ්ඩව ඉන්ධන සපයන බව අවධාරණ කළ නෙත්තිකුමාර මහතා ලියාපදිංචි අංකයේ අවසාන අංකය ලෙස ඉරට්ටේ අංකයක් ඇති වාහන සඳහා පමණක් අද (20) ඉන්ධන නිකුත් කරන බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website