එස්.එම්. මරික්කාර්, පාර්ලිමේන්තු මන්ත්‍රී, සමගි ජන බලවේගය
- ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග පවතින බවත් මිල ඉහළ යාමක් සිදු නොවන බවත් ජනපතිවරයා පසුගිය දා පාර්ලිමේන්තුවට පොරොන්දු වුණත් ඉන්ධන මිල ගණන් යළිත් සැලකිය යුතු මුදලකින් ඉහළ දැමීම පියවර ගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් විපක්ෂයේ ස්ථාවරය කුමක් ද ?
ජනාධිපතිතුමා පසුගිය දා පාර්ලිමේන්තුවට ඇවිත් කිව්වා දවස් 26කට පෙට්‍රල් තියෙනවා, දවස් 32කට ඩීසල් තියෙනවා කලබල වෙන්න දෙයක් නැහැ, යුද්ධය වර්ධනය වුණොත් තමයි ප්රශ්නය තියෙන්නේ කියලා. මේ ආකාරයෙන් සංස්ථාව සතුව ප්‍රමාණවත් තරම් පෙට්‍රල් සහ ඩීසල් තිබෙන බව ජනපතිවරයා පවා කියද්දී පසුගිය දා ඉන්ධන මිල ගණන් විශාල ලෙස ඉහළ දැම්මා. මේක ඉතාම පැහැදිලිව ජනතාවගෙන් මංකොල්ලකෑමක්. ඒකට හේතුව තමයි මේ තියෙන්නේ පරණ මිලට ආනයනය කළ ඉන්ධන. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් ක්ෂණිකව ඉහළ ගිහින් යළිත් පහළ බැස තිබෙනවා. ඉතාම පැහැදිලිව ආණ්ඩුව මේ විකුණන්නේ පරණ මිලට ගත්ත තෙල්. මේක ජනතාව මංකොල්ලකෑමක් කියලා පොඩි දරුවෙකුට වුණත් තේරෙණවා. තෙල් මිල ඉහළ යනවා කියන්නේ වාහන හිමියන්ට විතරක් බලපාන ප්‍රශ්නයක් නෙමෙයි, මේ හරහා ප්ලෙන්ටියේ සිට කොත්තු රොටිය දක්වා, එළවළු ටිකේ සිය මාළු කෑල්ල දක්වා, පාසල් වෑන් රථයේ ගාස්තුව දක්වා සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට බලපාන සෑම දේකම මිල ඉහළ යනවා. මේ හරහාත් ආණ්ඩුව ලාබ ලබනවා. මේ රටේ ජනතාව ගැන අබමල් රේණුවකින්වත් හිතන්නේ නැතිව තමයි ආණ්ඩුව මේ කොල්ලකෑම කළේ.
- ඔබ මෙසේ චෝදනා කළත් ගෝලීය වශයෙන් තෙල් මිල ඉහළ යන අවස්ථාවක නේද ආණ්ඩුව ඉන්ධන මිල ඉහළ දැම්මේ ?. ඔබ කියන්නේ ආණ්ඩුව කුමක් කළ යුතුයි කියල ද ?
ආණ්ඩුවක වගකීම තමයි අමාරු අවස්ථාවකදී මේ රටේ ජනතාවට පුළුවන් තරම් සහන ලබාදීම, ආහාර ටික මිලදී ගන්න, රැකියාවට යන්න, දරුවෙකුට පාසලට යන්න, කුඩා ව්‍යාපාර හිමියෙකුට තමන්ගේ ව්‍යාපාරය නිදහසේ කරන්න පුළුවන් වන ආකාරයට පරිසරයක් නිර්මාණය කර දීම. මේ වන විට අපනයන කර්මාන්තවල කටයුතු කළ සමාගම්වලට, පුද්ගලයින් ගැටලු ගණනාවකට මුහුණ දෙමින් සිටිනවා. අපේ තේ අපනයනය, එළවළු සහ පලතුරු ආදි අපනයන කටයුතු, මල් වර්ග අපනයනය ආදි වශයෙන් මැදපෙරදිග කලාපයට කළ බොහෝ අපනයන විශාල වශයෙන් නතර වී තිබෙනවා. මේ අපනයනකරුවන් පමණක් නොවෙයි ඔවුන් යටතේ සේවය කළ සේවකයින්, ඔවුන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයපු පුද්ගලයින් ඇතුළු විශාල පිරිසක් මේ වන විට විශාල පීඩාවකට පත්ව සිටිනවා. ඇඟළුම් කර්මාන්තයට විශාල ගැටලු නිර්මාණය වෙලා තිබෙනවා. සංචාරක ව්‍යාපාරයට වගේම විදේශ ප්‍රේෂණවලට මැදපෙරදිග යුද්ධය හේතුවෙන් සැලකිය යුතු බලපෑමක් වෙලා තියෙනවා.
- මැදපෙරදිග යුද්ධය ශ්‍රී ලංකාවට කරන බලපෑම ගැන ඔබට අදහසක් තිබෙනවා ද ?
අපේ රටේ විදේශ ආදායම ප්‍රධාන කුළුණු හතරක් මතයි රැදිලා තියෙන්නේ. සංචාරක ව්‍යාපාරය, විදේශ ප්‍රේෂණ, අපනයනය සහ ඍජු විදේශ ආයෝජන ඒ කුළුණු හතරයි. මැදපෙරදිග යුද්ධය මේ කුළුණු හතරෙන් තුනකටම බලපෑම් කරලා තියෙනවා. මේ ආණ්ඩුව යටතේ ඍජු විදේශ ආයෝජන ආවේම නැහැ. ඒ කියන්නේ අපේ ආර්ථිකයේ බර දරාගෙන සිටින ප්‍රධාන කුළුණු හතරම මේ වන විට යම් බිඳ වැටීමකට, අභියෝගයකට මුහුණ දි සිටිනවා. මේ බලපෑම සමස්ත ආර්ථිකයටම බලපානවා. ඒ හරහා ජනතාව විශාල පීඩනයකට ලක්වෙනවා. ආණ්ඩුව ඉන්ධන මිල ඉහළ දැමීම හරහා මේ පීඩනය තවත් තීව්රර වෙනවා. අපේ ඩොලර් ආදායම මේ ආකාරයෙන් අඩු වෙන කොට අපේ ආනයන වියදම, ඩොලර් ගලා යාම තවත් වර්ධනය වෙනවා. ඉන්ධන මිල ඉහළ යාම නිසා වැඩිපුර ඩොලර් ගෙවීමට අපට සිදුවෙනවා. ඒ වගේම ඖෂධ, සීනි, පරිප්පු, තිරිඟු පිටි, කිරි ආදි වශයෙන් කරන සෑම ආනයනයකම මිල ඉහළ යනවා කියන්නේ ලංකාවෙන් ඩොලර් පිට රටට ගලා යාම වැඩි වෙනවා කියන එක. ඩොලර් ආදායම අඩු වෙලා, ආනයන ලෙස ඩොලර් යළි පිටට ගලා යාම කිසිසේත් ආර්ථිකයට යහපත් තත්ත්වයක් නොවෙයි. මේක සාමාන්‍ය ජන ජීවිතයට පමණක් නොවෙයි, අපේ කර්මාන්තවලට, කෘෂිකර්මාන්තයට, සේවා අංශයට ආදි වශයෙන් සමස්ත ආර්ථිකයටම විශාල බලපෑමක් කරනවා.
යුද්ධය තියෙන්නේ ගල්ෆ් කලාපයේ. නැගෙනහිර ආසියානු කලාපයට යුද්ධය නැහැ. මේ කලාපයට අපේ වෙළෙඳපොළ විවෘත කළ යුතුයි. ආයෝජකයින්ට තිබෙන බාධා ඉවත් කළ යුතුයි, බදු සහන ලබා දීම ආදි ධනාත්මක පියවර කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුයි. විදේශ ආයෝජන හරහා ඩොලර් මේ රටට ගෙන්වා ගැනීමට තිරසර ක්‍රමයක් නිර්මාණය කළ යුතුයි. ඒ වගේම පාඩු ලබන ගුවන් ගමන් සීමා කරලා වැඩි වශයෙන් ලාභ ලබන ගමනාන්ත වෙත ශ්‍රී ලංකන් ගුවන් සේවය යොමු කළ යුතුයි. අපි වැඩියෙන්ම ලාභ ලබන්නේ ලන්ඩන් සහ මෙල්බර්න් වෙතින්. ඒ ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුයි.
- මේ තත්ත්වය හමුවේ විපක්ෂය ඉදිරිපත් කරන විසඳුම කුමක් ද ?

යුද්ධය තියෙන්නේ ගල්ෆ් කලාපයේ. නැගෙනහිර ආසියානු කලාපයට යුද්ධය නැහැ. මේ කලාපයට අපේ වෙළෙඳපොළ විවෘත කළ යුතුයි. ආයෝජකයින්ට තිබෙන බාධා ඉවත් කළ යුතුයි, බදු සහන ලබා දීම ආදි ධනාත්මක පියවර කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුයි. විදේශ ආයෝජන හරහා ඩොලර් මේ රටට ගෙන්වා ගැනීමට තිරසර ක්‍රමයක් නිර්මාණය කළ යුතුයි. ඒ වගේම පාඩු ලබන ගුවන් ගමන් සීමා කරලා වැඩි වශයෙන් ලාභ ලබන ගමනාන්ත වෙත ශ්‍රී ලංකන් ගුවන් සේවය යොමු කළ යුතුයි. අපි වැඩියෙන්ම ලාභ ලබන්නේ ලන්ඩන් සහ මෙල්බර්න් වෙතින්. ඒ ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුයි. අවස්ථාවන් දැක්ක ගමන් ඒවා ඉලක්ක කළ යුතුයි. ඒ නිසා අපි ආණ්ඩුවට පැහැදිලිව කියනවා ඔබ විපක්ෂයේ සිටිය දී කළ ඒ සුන්දර කතා, වීර කතා මොහොතක් මතක් කර ගන්න කියලා. වත්මන් ජනාධිපතිවරයා විපක්ෂ මන්ත්රීවරයෙකුව සිටිය දී ඉන්ධන මිල ඉහළ ගිය සෑම අවස්ථාවකම කිව්වේ මොකක්ද ?, ඔහු ඒ සෑම අවස්ථාවකදීම කිව්වේ ඉන්ධන වලට ගහලා තියෙන බද්ද ඉවත් කරන්න, අඩු කරන්න කියලා. අපි දැන් අනුර කුමාර ජනාධිපතිතුමාට කියනවා, ඔබ විපක්ෂයේ සිටිය දී ආණ්ඩුවට කළ යෝජනා දැන් ඔබට ක්‍රියාත්මක කළ හැකියි කියලා. ඔබ දැන් විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්, සීයට තුනේ, ආසන තුනේ විපක්ෂ මන්ත්‍රීවරයෙක් නෙමෙයි. රටේ විධායක ජනාධිපති, මුදල් ඇමැති, 159ක අති බහුතරයක් තිබෙන ආණ්ඩුවක නායකයා. ඒ නිසා එදා ජනතාව ගැන තිබුණ කැක්කුම අනුව අද කටයුතු කරන්න කියලා. ඔබතුමා එදා ආණ්ඩුවට කිව්වා නැවෙන් බාන ගාණට තෙල් ටික දෙන්න කියලා, කංචනගේ කොමිස් ටික අයින් කරලා තෙල් ලාබෙට දෙනවා කියලා. පසුගිය ජාත්‍යන්තර කාන්තා දිනයේ දී ජනාධිපතිවරයා අඬපු ආකාරය අපි දැක්කා. ඔබතුමා එදා අඬපු ආකාරයට මේ රටේ ජනතාව ගැන ආදරයක් තියෙනවා නම් පරණ ගානට තෙල් ටික නොදී මේ මංකොල්ලය නතර කරන්න කියලා අපි එතුමාට කියනවා. අපි නැවත කියනවා, නැවෙන් බාන ගාණට, ආණ්ඩුවේ බදු අයින් කරලා තෙල් ටික ජනතාවට දෙන්න ඕනෑ.
- ඒත් ආණ්ඩුවට බදු අවශ්‍යයි නේද ?, බදු සල්ලි නැතිව රටක් ඉදිරියට යන්නේ කොහොම ද ?
ආණ්ඩුවට සල්ලි නැහැ කියලා කියන්නේ කවුද ?, මහා භාණ්ඩාගාරය පිරිලා ඉතිරිලා යනවා කියලා කිව්වේ කවුද ?, ආණ්ඩුව, ජනාධිපතිවරයා තමයි කිව්වේ. ඒ නිසා මේ අසීරු අවස්ථාවේ ජනතාවටගෙන් කොල්ල කන්නේ ඇයි ?. හොඳට මතක තියා ගන්න, ජනතාව වැඩිපුර ගෙවන්නේ ඉන්ධනවලට පමණක් නොවෙයි. ඒ හරහා ඉහළ යන සෑම භාණ්ඩයකටම, සේවාවකටම ඔවුන් යළි යළි වැඩිපුර ගෙවන්න ඕනෑ. ගෙදර මොටර් බයික් එකට තෙල් ගහන්න වැඩි පුර ගෙවන තාත්තා, දුවගේ, පුතාගේ ස්කූල් වෑන් එකට වැඩිපුර ගෙවන්න ඕනෑ, නෝනා පොළට යන ත්‍රීවීල් එකට වැඩි පුර ගෙවන්න ඕනෑ. මේක දම්වැලක් වාගේ වැඩක්. ඒ නිසා විපක්ෂය ලෙස අපි යළි යළිත් කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ, අනුර කුමාර දිසානායක විපක්ෂයේ සිටිය දී කළ කතා දැන් ඔප්පු කර පෙන්විය යුතුයි. දැන් ඉන්ධන පමණක් නෙමෙයි ගෑස් රුපියල් 300කින් ඉහළ ගියා. විදුලි බිල 13.6%කින් ඉහළ දාන්න අනුමැතිය ඉල්ලනවා. මේ සියලුම මිල ඉහළ දැමීම් ඍජුව ජනතාවගේ ජීවන වියදමට බලපානවා. ඔවුන්ගේ පොකැට්ටුව හිස් කරනවා. ඒ නිසා ලොරි ටෝක් දෙන එක නතර කරලා ජනතාවට සහන දෙන්න කියලා අපි ආණ්ඩුවට අවධාරණය කරනවා. මහා භාණ්ඩාගාරයේ පුරවා ගෙන තිබෙන රුපියල් වලින් ජනතාවට සහන දෙන්න පුළුවන්. ඉන්ධන මිල ඉහළ දාලා උපයන්නේ ඩොලර් නෙමෙයි, රුපියල්. මහා භාණ්ඩාගාරයේ පිරිලා ඉතිරිලා යන මේ රුපියල් වලින් මේ අසීරු අවස්ථාවේ ජනතාවට සහන නොදෙන්නේ ඇයි ? කියලා අපි ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනවා. හොඳට මතක කියා ගන්න ආණ්ඩුව බදු ඉහළ දැම්මා කියලා, ගෑස්, තෙල්, විදුලි බිල ඉහළ දැම්මා කියලා පඩි වැඩි වෙන්නේ නැහැ. රාජ්‍ය සේවකයාගේ, පුද්ගලික අංශයේ සේවකයාගේ, කුලියක් කරන කෙනාගේ වැටුප වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා අපි කියන්නේ ආණ්ඩුවට විතර ද මිල ඉහළ යන කොට අමාරු, දරා ගන්න බැරි. ජනතාවට ඒක දැනෙන්නේ නැද්ද ?.
- ඔබ කියන්නේ ආණ්ඩුව, ජනාධිපතිවරයා ජනතාව ගැන නොසිතා කටයුතු කරනවා කියල ද ?
සටහන – භාතිය බරුකන්ද
රතුඉර පුවත්පතේ 2026 මාර්තු 15 වැනිදා ප්‍රකාශයට පත්කරන ලද ලිපියකි

















