හිරුණිකාගේ නඩුවක් අගෝස්තු 17 වැනි දාට කල් යයි

මහජනතාව අපහසුතාවයට පත් කළ බවට චෝදනා කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ තවත් 14දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ල 2026අගෝස්තු 17වන දින නැවත කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේය.

2022 දී නිදහස් චතුරශ්‍රය අසල අනවසර වීදි නාට්‍යයක් රඟ දැක්වීමෙන් සැකකරුවන් මහජන අපහසුතාවයට පත් කළ බවට චෝදනා මත පැමිණිල්ල ගොනු කර ඇත.

මෙම නඩුව අද (16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය.

සිද්ධියට අදාළ පරීක්ෂණ අවසන් කර ඇති බවත්, උපදෙස් සඳහා විමර්ශන ලිපිගොනු නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන් අතර නඩුවේ ප්‍රගතිය වාර්තා කිරීම සඳහා අගෝස්තු 17 වන දින නඩුව නැවත කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website