හරක් කටා ජාතික රෝහලට

බන්ධනාගාර ගතකර සිටින ප්රබල මත්ද්රව්ය ජාවාරම් කරුවකු වන හරක් කටා නමින් හැඳින්වෙන නඳුන් චින්තක චිකුන් ගුන්යා රෝගය වැළදීම නිසා ජාතික රෝහලට ඇතුළත්කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
පොලිස් විශේෂ කාර්ය බලකාය සහ විශේෂ පොලිස් ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලේ 37වැනි වාට්ටුවේ ප්රතිකාර ලබන මොහු තමන්ට පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබා ගැනීමට අවස්ථාව සලස්වා දෙන ලෙස පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කළ ද එම ඉල්ලීම ප්රතික්ෂේප වී ඇති බව තව දුරටත් සඳහන් වේ.

දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website