හදිසි නීතිය දීර්ඝ කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය

ප්‍රකාශයට පත් කර ඇති මහජන හදිසි තත්ත්වය  තවත් මසකින් දීර්ඝ කිරීම සඳහා  රජය  අද (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද 104කින් සම්මත විය.

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් හදිසි නීතිය  දීර්ඝ කිරීම පිළිබඳ ඡන්දයක් ඉල්ලා සිටියේය. ඒ අනුව, යෝජනාවට පක්ෂව ඡන්ද 106 ක් ලැබුණු අතර ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ සෙල්වම් අඩෙයිකලනාදන් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

මහජන ආරක්ෂක ආඥා පනතේ විෂය අංක 80 යටතේ යෝජනාව බහුතර ඡන්ද 104 කින් සම්මත වූ බව කථානායක ජගත් වික්‍රමනායක නිවේදනය කළේය.

අද දිනයේ ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා ඒකමතිකව සම්මත විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website