සෞඛ්‍ය සේවය බරපතළ අර්බුදයක් අභිසය – වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය බරපතල අර්බුදයකට ගමන් කරමින් සිටින බව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් සඳහා වූ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීය අනතුරු අඟවයි.

විගණකාධිපතිවරයාගේ වාර්තාවෙන් ඉස්මතු කර ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිහඬව සිටින බවත්, ගැඹුරු පරිපාලන අසාර්ථකත්වයන් රටේ නිදහස් සෞඛ්‍ය සේවා පද්ධතියට තර්ජනයක් වන බවත් ඔහු මාධ්‍ය වෙත පැවසීය.

පිළිකා ඖෂධ ඇතුළු ඖෂධ කාණ්ඩ කිහිපයක බරපතල හිඟයන් ද ඔහු පෙන්වා දුන් අතර එය රෝගී සත්කාරයට දැඩි ලෙස බලපාන බව ද පැවසුවේය.

මෙම වසරේ විශේෂඥ ද්‍යෛවරුන් සහ වෛද්‍යවරුන් සැලකිය යුතු සංඛ්‍යාවක් විශ්‍රාම යාම, බඳවා ගැනීමේ සහ මානව සම්පත් බෙදා හැරීමේ විෂමතා සමඟ තත්ත්වය තව දුරටත් ව්‍යාකූල වී ඇති බව චමල් සංජීව සඳහන් කළේය.

“කොළඹ ජාතික රෝහල ඇතුළු ජාතික රෝහල් කිහිපයක අධ්‍යක්ෂ ජනරාල් තනතුරු ඇතුළු ප්‍රධාන පරිපාලන තනතුරු පුරප්පාඩු වී තිබෙනවා. එමඟින් සෞඛ්‍ය පද්ධතිය තුළ ඵලදායී තීරණ ගැනීම සහ කළමනාකරණය අඩපණ වෙලා තිබෙනවා. එසේම රෝහල් පුරා පරිපාලනය දුර්වල වීම ප්‍රධාන ගැටලුවක්. බලධාරීන් කාලෝචිත හා නිසි තීරණ ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් සමස්ත සෞඛ්‍ය සේවා පද්ධතිය භයානක තත්ත්වයකට තල්ලු වෙමින් තිබෙනවා” විශේෂඥ වෛද්‍ය චමල් සංජීව වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website