ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ අප්‍රේල් මස 22 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ය.
මෙම නඩුව අද (මාර්තු 26) කැඳවූ අවස්ථාවේදී කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝගය නිකුත් කළේය.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාර සුරේෂ් සලේ අධිකරණයට ඉදිරිපත් නොකළේ ඇයි දැයි මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසීය.
ඊට ප්‍රතිචාර දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා අධිකරණයට සඳහන් කළේ, සැකකාර සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් භාරයේ පසුවන බව ය.
ඒ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා ඇමතු මහේස්ත්‍රාත්වරයා, “තෙවැනි සැකකරු මේවෙද්දි හුදෙක් රැඳවුම් භාරයේ සිටින තැනැත්තෙක් නොවෙයි. ඔහු අපරාධ නඩුවක සැකකාරයෙක් ලෙස නම් කළ තැනැත්තෙක්. ඒ නිසා මීළඟ දිනයේ අනිවාර්යයෙන්ම ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරනවා.”
සැකකරු මීළඟ දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ය.
මෙම සිද්ධියට අදාළ විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළ මහේස්ත්‍රාත්වරයා නඩුව යළි අප්‍රේල් මස 22 වන දා කැඳවන ලෙස නියම කළේ ය.















