සුදුවෙන්න ගාන ක්‍රීම්වලට නීතියක්..!

සම පැහැපත් කිරීමට යැයි ප්රකාශ කරමින් ප්රමිතියෙන් තොර රූපලාවන්ය ද්රව්ය අලවියට වැට බඳින නීති බලා­ත්මක කිරී­මට සූදානම් බව කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග විශේෂඥ වෛද්ය ඉන්දිරා කහවිට මහත්මිය සෞඛ්ය ප්රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්ය හමුවකට එක්වෙමින් ප්රකාශ කළාය.

මෙම පනත ක්රියාත්මක වීමත් සමඟ ප්රමිතිගත නොවන ආලේපන වර්ග වෙළෙඳපොළේ භාවිතය සම්පූර්ණයෙන් තහනම් බව ප්රකාශ කරන වෛද්යවරිය මෙය විශාල සමාජ ප්රශ්නයක් බව ද ප්රකාශ කරන්නීය. පසුගිය වසර තුනේදී පමණයක් රූපලාවණ්ය ආලේපන 9,000කට ආසන්න ප්රමාණයක් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි වී ඇති බව ප්රකාශ කරන වෛද්යවරිය ඒ අනුව වසරකට අලුතින් රූපලාවණ්ය වර්ග 3,000ක් පමණ වෙළඳපොළට එකතුවෙන බවද ප්රකාශ කරන්නීය. මෙම බොහෝමයක් සම සුදු කරන ආලේපනවල අඩංගු රසදිය වැනි විෂ සහිත රසායනික ද්රව්ය, දියවැඩියාව සහ වකුගඩු රෝගවලට හේතු විය හැකි බවට ද මෙහිදී වෛද්යවරිය අනතුරු අඟවා සිටියා ය.

මංජු කස්තුරිආරච්චි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website