සිරිලිය ගිනුමේ මූල්‍ය අක්‍රමිකතා ගැන විමර්ශනය – ශිරන්ති රාජපක්ෂ අද FCID එන්න බැහැ කියයි

පෞද්ගලික හේතූන් මත තමාට අද (27) දිනයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටීමට නොහැකි බව ශිරන්ති රාජපක්ෂ මහත්මිය නීතීඥයෙකු මාර්ගයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත ලිඛිතව දැනුම් දී ඇත.

පෞද්ගලික හේතුවක් මත අද දිනයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමණීමට නොහැකි බවත් ඒ සඳහා සති දෙකකින් පසු දිනයක් ලබා දෙන ලෙසත් ශිරන්ති රාජපක්ෂ මහත්මිය පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයෙන් ඉල්ලා ඇත.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ ‘සිරිලිය’ නමින් පවත්වාගෙන ගිය ගිණුමේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (27) පෙරවරු 9.00ට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස පසුගිය සිකුරාදා දිනයේ ඇයට දැනුම් දී තිබුණේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website