සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය දැයෙන් සමු ගෙන වසර 25යි

ලොව ප්රථම අග්රාමාත්යවරිය වූ දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය දැයෙන් සමුගෙන අදට වසර 25ක් සපිරේ.
1960 ජූලි මස 19 වැනිදා ලෝකයේ ප්රථම අග්රාමාත්යවරිය ලෙස දිවුරුම් දුන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය රටවල් සියයකට ආසන්න සාමාජිකයන් සතු වූ නොබැති ජාතීන්ගේ සංවිධානයේ සභාපතිනිය ලෙස ලෝකයම අපේ මව්බිමට දිනා දුන් නායිකාවයි.
2000 වසරේ ඔක්තෝම්බර් මස 10 වැනි දින දැයෙන් සමුගෙන මේ මස දහවෙනිදාට වසර 25ක් සපිරේ. එතුමියගේ 25 වැනි ගුණානුස්මරණ පින්කම නිමිත්තෙන් මහා සංඝරත්නය වෙනුවෙන් කොළඹ හුණුපිටිය ගංගාරාමයේදී සංඝගත දක්ෂිණාවක් පිරිනැමේ.

එම්.ඩි. ධර්මසිරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website