සිංහල – හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ අර්බුදය අවසන්

2026 වසරේ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සඳහා ඒකාබද්ධ “අවුරුදු නැකත් සීට්ටුව”ප්‍රකාශයට පත් කිරීමට දෙපාර්ශ්වයම එකඟතාවයකට පැමිණි බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශ කළේය.

අද (16) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ‘ඈපා පංචාංග ලිත’ කතුවරයා වන ඉන්දික ඈපා සෙනෙවිරත්න, ‘තිරසර පංචාංග ලිත’ කතුවරයා වන චමත් කොතලාවල සහ විකල්ප ජ්‍යොතිෂ කණ්ඩායමේ සාමාජිකයින් සමඟ පැවති සාකච්ඡාවල දී අවසාන එකඟතාවයට පැමිණි බවයි.

‘අවුරුදු නැකත් සීට්ටුව’ හෙට (17) මුද්‍රණය කර ‘රාජ්‍ය නැකත් සීට්ටුව’ ලෙස මහජනතාවට නිකුත් කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website