සිංහරාජ වන රක්ෂිතයේ කුඩව පිවිසුම හෙට (10) සිට අප්‍රේල් 15 දක්වා දින හයක් තාවකාලිකව වසා තබන බව සිංහරාජ වන පාලක එස්. ද නිමල් මහතා පැවසීය.
මෙම කාලය තුළ, සංචාරකයින්ට කුඩව පිවිසුම හරහා සිංහරාජ රක්ෂිතයට පිවිසීමට අවසර නොලැබෙන බවත්, ඒ අනුව තම සංචාර සැලසුම් කරන ලෙසත් ඔහු වැඩිදුරටත් පැවසීය.
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩු කාලයට අනුකූලව නඩත්තු හා සංරක්ෂණ කටයුතු සඳහා වසා දැමීම සිදු කරන බවත් සිංහරාජ වනෝද්‍යානයට ඇතුළු වන ප්‍රධාන පිවිසුම අප්‍රේල් 16 වන දින සුපුරුදු පරිදි සංචාරකයින් සඳහා නැවත විවෘත කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.













