
සෑම වසරකම රට තුළ ළමා පිළිකා රෝගීන් 900 ක් පමණ වාර්තා වන බව ජාතික පිළිකා පාලන වැඩසටහනේ උපායමාර්ගික තොරතුරු කළමනාකරණ ඒකකයේ ඒකක ප්‍රධානී වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා පවසයි.
ඔහු වැඩි දුරටත් පැවසුවේ ළමා පිළිකා සඳහා නිශ්චිත හේතුවක් හඳුනාගෙන නොමැති බවයි.
දරුවා තුළ හදිසි වෙනස්කම් දුටුවහොත් වහාම තම දරුවා වෛද්‍යවරයෙකු වෙත ගෙන යන ලෙස දෙමාපියන්ට උපදෙස් දුන් වෛද්‍ය සුරාජ් මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස ද සෙසු කණ්ඩායම්වලට ද උපදෙස් දුන්නේය.
ජාත්‍යන්තර ළමා පිළිකා දිනය ඊයේ (15) දිනට යෙදී තිබුණ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ වාර්ෂිකව ළමා පිළිකා රෝගීන් ලක්ෂ හතරක් අලුතින් හඳුනා ගන්නා බවයි. අඩු ආදායම්ලාභී රටවල ළමා පිළිකා රෝගීන්ගේ ඉහළ ප්‍රතිශයක් වාර්තා වන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩි දුරටත් පැවසුවේය.
















